Monday, November 2, 2020

 නූතන ගීත කලාවේ ස්වභාවය

"ගීතය වූ කලී රසය ආත්මය කොටගත් වැකියකි.නැත හොත් ගීතය මානව හදවත ආනන්දෙන් ප්‍රඥාවට යොමු කරන කලා මාධ්‍යයක් ලෙස ද විග්‍රහ කළ හැක".මේ ආකාරයට ගීතයක ස්වභාවය විග්‍රහ කළ ද නූතන ලාංකික ගීතය තුළ මෙවැනි ගුණයක් තිබෙන්නේ ද යන්න ගැටළුවක් පවතී.මන් ද නූතනවාදී සංස්කෘතියත් සමඟ සමාජයේ සෑම අංශයක්ම පරිවර්තය යුගයක් කරා ගමන් කිරීම සිදුවිය.එකී පරිවර්තනය තුළ ගීත කලාව ද පෙර පැවති ආකාරයට වඩා වෙනස් ස්වරූපයකින් නූතන අවධිය තුළ විකාශනය විය.මෙම වෙනස්වීම මත ගීත කලාව තුළ  පරිහානි ක ස්වරූපයක් නිර්මාණය වී ඇති බව බැලූ බැල්මට පෙනේ.මන් ද එදා නිර්මාණය වූ සුභාවිත ගීතය හා ජනප්‍රිය ගීතය තුළ පැවැති අර්ථ රසය,ශබ්ද රසය,ශුන්ගාරාත්මක බව,සාහිත්‍ය කාමි බව,සමාජ විවරණය මෙන්ම ජීවිත යථාර්ථය වැනි ගැඹුරු ශාස්ත්‍රීය අර්ථයක් නූතන ගීතය තුළින් විද්‍යාමාන නොවීමයි.එබැවින් නූතන ගීත කලාව තුළ සිදුවන්නේ ගීත නිර්මාණය කිරීමක් නොව නිෂ්පාදනය කිරීමකි.නිර්මාණයක් තුළ ඇත්තේ යමෙකුට රස වින්දනය ලබා දීම අරමුණු කරගත් හැගීමකි.නමුත් නිෂ්පාදනයක් තුළ ඇත්තේ වාණිජමය අරමුණු සමුදායකි.එබැවින් මෑතකාලීන කලාකරුවන් කියාගන්නා පිරිස හඹායන්නේ සංගීතය නමැති කලාව පිටුපස නොව මුදල් හා ප්‍රසිද්ධිය පිටුපස යයි කිවහොත් නිවැරදිය. 

පැරණි ගීත තුළින් විවරණය වන ආදරය,විරහව,දුක,සෙනෙහස, ආදී හැගීම් වලින් රසික හදවත් සියුම්ව ස්පර්ශ කළහ. එසේම එම ගීත වල වචනාර්ථය පමණක් නොව යටි පෙළ ගැඹුරු අර්ථයක් ගැබ්ව තිබුණි.එබැවින් ශ්‍රාවකයා මෙම ගීත අදටත් වැළඳගෙන තිබෙන්නේ ඒවායේ පවතින හරවත් හා ගුණවත් බව නිසා ය.නමුත් නව ගීත රැල්ල තුළ ඇත්තේ එහෙන් මෙහෙන් අහුලාගත් වචන කිහිපයක් සංගීත තාලයකට ගොනුකිරිමකි.අද බිහි වී තිබෙන ජනප්‍රිය රැල්ලේ සංගීතය පමණක් නොව කණ්ඩායම් සංගීතය තුළ පවා අර්ථ රහිත අලුත් ආරයේ මල් සින්දු සංස්කෘතියක් බිහි වී තිබේ.ඒවාට බොහෝ විට වස්තු විෂය වන්නේ ප්‍රේමය සහ විරහව යි.මෙම ගීත අද වන විට ආදරය අයද  සිටීමේ රැල්ලක් බවට පත් ඇත.අරුත් සුන් වූ වචන සමුදායකින් ගොඩනගන ලද මෙම ගීත ජනප්‍රිය වීම තීරණය වන්නේ ඒවායේ ගීත වීඩියෝවෙ ස්වභාවය මතය. ඇතැම්විට ගීතය සහ වීඩියෝව අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැත.ගීත වීඩියෝව තුලින් ලිංගිකත්වය උලුප්පා දක්වන දර්ශන ඇතුළත් වේ නම් ගීතය ඉක්මනින් ජනප්‍රිය වීම සිදුවෙයි.මෙවැනි ගීත ප්‍රධාන මාධ්‍යය තුළින් විකාශනය නොවුණද youtube,facebook වැනි සමාජ ජාල ඔස්සේ බොහෝ ලෙස ජනප්‍රිය වේ.මෙයින් පෙනී යන්නේ වත්මන් ගීත කලාව  පමණක් නොව සමාජය ද පිරිහීමට ලක්ව ඇති බවයි.

එසේම ඇතැම් විට හොඳ නිර්මාණයන් බිහි වුවත් සමාජය තුළ ඒවාට පිළි ගැනීමක් නො ලැබේ.මන්ද සමාජයේ මනස නිර්මාණය වී පවතින්නේ කන පිනවන ගීත අසනවා විනා හදවත සනසන ගීත ඇසීම නොවේ. එබැවින් වර්තමාන ගීත රචකයන් පවා එවැනි ශාස්ත්‍රීය තලයේ ගීත නිර්මාණය කරනවා විනා සමාජයේ ඉල්ලන ජනප්‍රිය තලයේ ගීත ලබාදීමට යොමුවේ.එමෙන් ම නූතන ගීත විචාරකයින් ලඟ පවා මූලධර්මයක් නොමැත. ඔවුන් තම මනසට හැඟෙන ආකාරයට ගීත විචාරය කරනවා විනා මූල ධර්මය පදනමකින් ගීත විචාරණය කිරීමක් සිදු නො කරයි.

එබැවින් නූතන ගීත කලාවේ පරිහානිය කෙරෙහි වගකිව යුත්තේ ගීත රචකයින් හෝ ගායකයින් පමණක් නොව සමස්ත සමාජය ම ය.ශ්‍රාවකයා ගේ සිත පිනවන සුලු ගීත නිර්මාණය කිරීමට නිර්මාණකරුවන් යොමු විය යුතු සේම එවැනි නිර්මාණ වැළඳ ගැනීමට ප්‍රේක්ෂකයා වග බලා ගත යුතුය.

11 comments:

රූපවාහිනීය සහ ළමා මනස   සමාජය තුළ  භාවිතා වන අශනකුත් ජනමාධ්‍යන්ට සාපේක්ෂව රූපවාහිනී මාධ්‍යයට හිමි වන්ශන්  සුවිශේෂී  ස්ථානයකි. ඊට හේතුව වන්නේ...