නූතන ටෙලි නාට්‍ය කරණය සහ ලාංකික සමාජය
ජනතාවගේ පොදු ජන ජිවිතට ලං වුණු කලා මාධ්‍යයක් ලෙස ටෙලි නාට්‍යය හැඳින් විය හැක.ඊට හේතුව වන්නේ මෙරට ළමා පරපුරේ සිට වැඩිහිටි පරපුර දක්වා සිය දෛනික කාලයෙන් වැඩි කොටසක් ටෙලි නාට්‍ය සඳහා වෙන් කරන බැවිනි.එබැවින් ටෙලි නාට්‍යය තුළින් සමාජයට සිදු කළ හැකි බලපෑම අති මහත් ය.නමුත් මෙම බලපෑම කොතෙක්ද යන්න සහ කොයි ආකාරයෙන්ද යන්න තවමත් විධිමත් සමීක්ෂණයක් සිදු වී නොමැත.ටෙලි නාට්‍ය තුළින් ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වන්නේ වින්දනය පමණක් නොව ජීවිතයට ගත හැකි අත්දැකීම් ආදර්ශයන්ද එ තුළින් බලාපොරොත්තු වේ.නමුත් නූතන ටෙලිනාට්‍ය තුලින් වින්දනය හැර අනෙක් ගුණාංග හිමි වන්නේද යන්න යන්න ගැටළුවක් පවතී.එයට හේතුව වන්නේ නූතන ටෙලි නාට්‍ය කලාව තුළ ප්‍රමිතියක්,නියාමනයක් සහ විචාරයක් නොමැති වීම ය.රූපවාහිනි නාලිකා අතර පවතින තරඟකාරිත්වය හේතුකොටගෙන ජනප්‍රිය රැල්ලේ නිර්මාණ බිහි වනවා විනා හරවත් නිර්මාණ බිහිවිම දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි.එ බැවින් ටෙලි නාට්‍ය තුළින් හිමිවිය යුතු ගුණාංග ප්‍රේක්ෂකයා වෙත ළඟා නො වෙයි. චීනය,කොරියාව,ජපානය වැනි රටවල් ටෙලි නාට්‍ය මගින් එම රටවල ජනතාවගේ රසඥතාව ඉහළ මට්ටමක තැබීමටත් පුද්ගල ජීවිතයේ පරිඥානය පුළුල් කිරීමටත් දායක වන බව එම ටෙලි නාට්‍ය දෙස බැලීමේ දී පැහැදිලි වේ. නමුත් මෙම ප්‍රමිතිය මෙරට ටෙලි නාට්‍ය තුළින් මගහැරී පවතින්නේ මෙරට රූපවාහිනී නාලිකා සම්භාව්‍ය ටෙලිනාට්‍යවලට වඩා වාණිජමය මට්ටමේ ටෙලි නාට්‍ය කෙරෙහි වැඩි ඉඩකඩක් ලබා දෙන බැවිනි.
වර්තමානයේ අප අත්දකින ටෙලි නාට්‍ය බොහොමයකට වස්තු විෂය වී ඇත්තේ යෞවන යෞවනියන්ගේ බොළඳ ප්‍රේමයයි.දැන් එය ද ප්‍රේම රැල්ලක් වී හමාර ය.එම නාට්‍යවල දෙබස් බොළඳ ය. නාට්‍යවල රඟපෑමට දැකිය නොහැකිය. සිදුවන්නේ දෙපැත්ත කැපෙන දෙබස් කිහිපයක් කීයා තිරයෙන් බැහැරට යාම පමණි. එක්තරා නාලිකාවක විකාශනය වූ පාසල් ප්‍රේමයක් පදනම් කරගත් නාටකයක් ජනප්‍රියවීමත් සමඟ අනෙක් නාලිකා ද එක පොකුරට පාසල් ප්‍රේමය මූලික කරගනිමින් නාට්‍යය නිර්මාණය කිරීම ආරම්භ කෙරිණි.මෙවැනි නාට්‍ය තුළින් සමාජයට ගතහැකි ප්‍රයෝජනයක් නොමැත ඉන් සිදු වූ එකම දේ වන්නේ පාසල් වයසේ දරුවන් පාසල් ප්‍රේමයන් ඇති කරගැනීමට යොමු වීම පමණි.එවැනි වාණිජ මේ නාට්‍යවල යම් හෙයකින් චරිතයක් ජනප්‍රිය වුවහොත් සමස්ත නාට්‍ය පුරාවට ම ඔහුගෙන් ගොඩ යෑමට උත්සාහ දරයි.එවැනි අවස්ථාවලදී කතාවේ රචකයට පවා කතාව අවසානයේ සිදුවන්නේ කුමක්ද යන්න හරිහැටි තීරණය කළ නොහැක.
එමෙන්ම මෙරට ටෙලි නාට්‍ය කරන තුළ වසර කිහිපයක සිට ඉන්දියානු මෙගා ටෙලිනාට්‍ය හා ඉන්දියානු ටෙලි නාට්‍ය අනුකරණවාදී රැල්ලක් නිර්මාණය විය.මෙම ටෙලිනාට්‍යවලට පිටපතක් නොමැත අධ්යක්ෂවරයාට හැඟෙන පරිදි කතාව ඔහේ ගලා යාමට සලස්වයි.නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයා තුළ ද නාට්‍ය පිළිබඳ අදහසක් නොමැත.ඔවුන් මෙම නාට්‍ය නිර්මාණ නරඹන්නෙ එහි සිටින හුරුබුහුටි ළමා චරිතයන් වලට වහවැටී නැතිනම් එහි ඇති බොළඳ ප්‍රේම ජවනිකා නිසාය.ඉන්දියානු මෙගා නාට්‍ය තුළින් ප්‍රේක්ෂකයා වෙත ලබාගත හැකි ආදර්ශයක් නොමැත.ඒවා තුළින් විද්‍යාමාන වන්නේ වෛරය,පලි ගැනීම්,වංචාවන් ,මිනීමැරුම් හා දික්කසාද ආදිය යි. ඇතැම් නාට්‍යවල සංවාද පවා ඉතා අප්‍රසන්න ය.ඇතැම් නාට්‍යවල දර්ශන දකින විට පුටුවෙන් නැගිට යාමට පවා සිතේන තරම් ය.එබැවින් පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි නාට්‍ය ඇති අතලොස්සකි.මේවා තුළින් ඇතිවන්නේ සමාජ විකෘති භාවයන් පමණි.වර්තමාය වන විට ශ්‍රී ලංකාවේ වැඩි ප්‍රේක්ෂක ජනතාවකගේ හද බැදගත් ටෙලිනාට්‍ය බවට මෙ ඉන්දියානු ටෙලිනාට්‍ය පත්ව හමාරය. මෙහි ප්‍රතිඵලය වන්නේ වර්තමාන ලංකාවේ තරුණ තරුණියන් විළි වසා ගන්නේ ද ඉන්දියානු ක්‍රමයට ය.හොඳම කරුණ නම් අලුත උපදින දරුවන්ට පවා නම් තබන්නේ ඉන්දියානු ක්‍රමයට ය.එබැවින් ඉන්දියානු ටෙලි නාට්‍ය මෙරට සංස්කෘතියට පවා බලපෑම් කිරීමට සමත්ව තිබේ.
ඉන්දියානු ටෙලිනාට්‍ය මෙරටට ගෙන්වා ප්‍රදර්ශනය කරනු පමණක් නොව පෞද්ගලික නාලිකා ඉන්දියානු ටෙලිනාට්‍ය අමු අමුවේ අනුකරණය කරමින් දේශීය නළු නිළියන් යොදා ගනිමින් මෙගා ටෙලි නාට්‍ය රැල්ලක් ජනතාවට ප්‍රදර්ශන කරයි.මෙම නාට්‍ය නාට්‍යය සමාජයෙන් ප්‍රතික්ෂේප වීම වලක්වා ලීම සඳහා පෞද්ගලික නාලිකා ජනතාවට මුදල් ලබාදීමේ වැඩ සටහන් නිර්මාණය කරයි.ඒ තුළින් සමාජය මෙවැනි නාට්‍ය නැරඹීමට පෙලඹවීමක් ඇති කරයි.
මේ ආකාරයට ප්‍රමිතියකින් තොර ටෙලිනාට්‍ය නිර්මාණය වීමට හේතු වන්නේ මෙරට නාලිකා තුළ නිසි නියාමනයක් නොමැතිවීම ය.මේ පිළිබඳ ව මෙරට සංස්කෘතික භාර හෝ ජනමාධ්‍ය භාරව සිටින කිසිවෙකුට වගකීමක් නොමැත.ඔවුන් ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා කටයුතු කරනවා විනා සමාජයට උසස් රසවින්දනය යුක්ත නිර්මාණ බිහිකිරීමටත් සමාජයේ විකෘති වන ආකාරය ටෙලි නාට්‍යය බැහැර කරලීමටත් කටයුතු නොකරයි.එමෙන් ම මෙරට කලාකරුවන්ගේ සංවිධානය පැවතිය ද ඒවා ක්‍රියාත්මක වන්නේ කලාව වෙනුවෙන් නොව විවිධ දේශපාලන අරමුණු වෙනුවෙන් ය.එබැවින් සමාජයට සිදු වී ඇත්තේ හොඳ නිර්මාණ කවරේදැයි තමා ම සිතා බලා තෝරා බේරා ගැනීම හෝ උසස් නිර්මාණ නිර්මාණය වන තුරු බලා සිටීම පමණි.
👍👍
ReplyDeleteEla❤
ReplyDelete🤟👍👍
ReplyDeleteniyamai...
ReplyDeleteSuper
ReplyDeleteTimely appropriate commentary👍👍
ReplyDeleteEla
ReplyDeleteවැදගත් ❤️
ReplyDeleteGood article
ReplyDelete👍👍
ReplyDeleteවැදගත් ❤️
ReplyDeleteNiyamai
ReplyDelete