Saturday, July 24, 2021


රූපවාහිනීය සහ ළමා මනස 





සමාජය තුළ  භාවිතා වන අශනකුත් ජනමාධ්‍යන්ට සාපේක්ෂව රූපවාහිනී මාධ්‍යයට හිමි වන්ශන්  සුවිශේෂී  ස්ථානයකි. ඊට හේතුව වන්නේ  ගෘහස්ථ මාධ්‍යයක් ලෙස පේක්ෂකයා වෙත දැඩි ඝනත්වයකින් යුතු ව බලපෑම් කිරීමේ හැකියාවක් රූපවාහිනිය සතු වීමයි. ශ්‍රවය  දෘෂ්‍ය  මාධ්‍යයක් ලෙස  පේක්ෂකයා  වෙත  වින්දනය ලඟාකර වීමට රූපවාහිනී මාධ්‍ය උත්සුක වේ. ඒ අනුව ඇස පිනවන මාධ්‍යයක් ලෙස  රූපවාහිනීය තුළින් විවිධාකාර  වූ  ශානරයන් ගේ වැඩසටහන් පේක්ෂකයා  වෙත  සමීප කරලීම සිදු කරයි. එනම් ප්‍රවෘත්ති , ටෙලි  නාට්‍ය, රියලිටි වැඩසටහන්, චිත්‍රපට, වේළද දැන්වීම් මේන්ම කාටූන් වැඩසටහන් ද මේ අතර වේ. මෙම  එක් එක්  ශානරයන්  තුළ භාවිතාවන කැමරා කෝණ, භාෂා රටාවන් මෙන්ම  විවිධාකාර  වූ උපක්‍රමයන් තුළින් පේක්ෂකයා  එම වැඩසටහන් කෙරෙහි  ආකර්ෂණය  කරගැනීම සිදුවේ.  

රූපවාහිනිය තුළින් විකාශනය  වන විවිධාකාර  වූ  ශානරයන්  ශේ වැඩසටහන් කෙරෙහි  පේක්ෂකයා ගේ ආකර්ෂණය දිනා ගැනීමේ දී ප්‍රධාන  ඉලක්කයක් බවට දරුවන් පත්වේ. ඒ සඳහා පාසල කේන්ද්‍ර  කොට ගනිමින් ගොඩනැගෙන ටෙලි නාට්‍ය, කාටුන්, වෙළඳ දැන්වීම්, මෙන්ම රියැලිටි වැඩ සටහන් යොදාගැනිම සිදුකරයි. කුඩා දරුවන්ගේ  මනසට කාවදින ප්‍රශස්ත ගණයේ  වැඩසටහන් ඉදිරිපත් කිරීම තුළ ළමයාගේ  මනස නිසි අයුරින් වර්ධනය  වී එය දරුවා යහපතට බලපානු ලබයි. නමුත් වර්තමාන රූපවාහිනීය මෙකී  වගකීම  ඉටු කරන්නේ ද  යන්න ප්‍රශ්නාර්ථයකි.  නූතන තරගකාරී මාධ්‍ය කරණය තුල රූපවාහිනී නාලිකා  ලාභ පරමාර්ථ අරමුණු කොට  ගනිමින් ක්‍රියාත්මක වීම සිදුවේ.  එබැවින් සමාජයට දැනුම අවබෝධය  ලබා දෙන ගුණාත්මක භාවයේන් යුතු වැඩසටහන් වෙනුවට  හුදෙක්  ම විනෝදාස්වාදය පමණක් සපයන වැඩ සටහන්  පේක්ෂකයා  වෙත  ළඟා කර දීමට  රූපවාහිනී නාලිකා උත්සුක වේ.  එබැවින් රූපවාහිනී නාලිකා මගින් විකාශනය  කරන ඇතැම් වැඩසටහන් අපගේ  සංස්කෘතික  හැදියාවන් සදාචාරයන් හා උත්තම මනුෂීය ගුණාංග විනාශ කරන  පිළිලයක් බවට ද පත්ව තිබේ. එබැවින් හුදු වාණිජවාදී,  ප්‍රචාරකවාදී අරමුණු ඔස්සේ  පමණක් විකාශනය  කරන වැඩසටහන් අරඹන පසුගාමී අවධියක සිටින ළමයින් ක්ෂණිකව  ඒවා ග්‍රහණය කර ගනී. 
 මනා  පෞරුෂ සංවර්ධනයකින් හෙබි මිනිසකු බිහි කිරීමේ දී ළමාවිය  වැදගත් අදියරක් ලෙස  සැලකිය හැකිය. එහි දී රූපවාහිනිය තුළින් දරුවන් වෙත සිදු කරනු ලබන බලපෑම සලකා බැලීම වැදගත් ය. කවර හෝ මාධ්‍යයක් තුළින් ළමයා කෙරෙහි  වන බලපෑම ප්‍රධාන  වශයෙන් ආකාර තුනක් යටතේ  හඳුනාගත හැක. එනම් හැසිරීම කෙරෙහි  වන බලපෑම, ආකල්ප කෙරෙහි  වන බලපෑම, හැඟීම් කෙරෙහි  වන බලපෑම් ලෙස  මෙවා විශ්ලේෂණය වේ.  ස්වීඩනය, ඩෙන්මාර්කය වැනි රටවල් රූපවාහිනී ප්‍රචාරණ උපක්‍රම උදෙසා ළමා රඟපෑම් සහ ළමා චරිත භාවිතා කිරීම තහනම් කොට ඇත. එසෙම මෙම  රටවල් ඇතුළු නොර්වේ, ඔස්ට්‍රේලියව, කැනඩාව වැනි රටවල් ළමයින් සඳහා වන දැන්වීම් ප්‍රචාරණය තහනම් කොට ඇත. නමුත් මෙරට  රුපවාහිනිය තුළ මෙවැනි  නිසි ආචාරධර්ම  පද්ධතියක්  හෝ නියාමනයක් හදුනාගත නොහැක. 

ස්වභාවයෙන්ම  ළමයා තුළ ප්‍රචණ්ඩත්වය ඇත. නමුත් ළමයා වැඩිවිය වන විට ප්‍රචණ්ඩත්වය ක්‍රමයෙන්  යටපත් වීම සිදු වේ. මෙලෙස  ජීව විද්‍යාත්මක  ක්‍රමශයන් යටපත් වන ප්‍රචණ්ඩත්ව හැඟීම් වලට නැවත පණ දීමක් ඇතැම් රූපවාහිනී වැඩසටහන් තුලින් සිදුවේ. එය ළමුන්ගේ ඉහළ මානසිකත්වය බිඳ වැටීමට හෙතුවේ. බොහෝ  වෙළඳ  දැන්වීම් වල කාන්තාවන් ප්‍රදර්ශන  භාණ්ඩයක් බවට පත් වී ඇති අතර ඇය පුරුෂයාට යටපත්ව  සිටිය යුතු බව දක්වයි. ඉන් කුඩා දැරියන්ගේ  මානසිකත්වයට කුඩා කල සිට ම තමා පුරුෂයාට යටත්ව ජීවත් විය යුතු  බව පෙන්නුම්  කරයි. මේ ආකාරයට රූපවාහිනී තුළින් විකා  වන බොහොමයක්  වැඩසටහන් ළමයින් තුළ විකෘති  මානසික තත්ත්වයන් ඇතිකිරිම  කෙරෙහි  ප්‍රබල ලෙස  බලපානු ලබයි. 
 
රූපවාහිනීය මගින් ළමයින්ගේ  මනසට සිදුවන අහිතකර බලපෑම පිළිබඳ විමසීමේදී  දී ළමයින්ගේ   සිතුවිලි, චර්යාවන්, ආකල්පයන් කෙරෙහි  සෘජුවම බලපෑම් ඇතිකරවන, දරුවන්ට සමීප මාධ්‍ය හැඩයක් ලෙස  රූපවාහිනී කාටුන් වැඩසටහන් හැදින්විය හැක. නූතන න්‍යෂ්ටික   පවුල් ඒකකය තුළ ඇති  දෙමාපියන්ගේ කාර්ය බහුලත්වය මත දරුවන්ගේ   සමීපතමයා බවට පත්වන්නේ  රූපවාහිනියයි. එසේම  දෙමාපියන්  තම එදිනෙදා  කටයුතු ඉටු කර ගැනිමේ පහසුව තකා දරුවන්ට කාටුන් වැඩසටහන් නැරඹීමට අවකාශය  සලසා දේ. නමුත් එම කාටූන් වැඩසටහන් දරුවන්ට නැරඹීමට සුදුසු ද, එවායේ අන්තර්ගතය කෙබඳු ද යන්න කිසිදු තැකීමක් දෙමාපියන්  තුළ නොවේ.  

තරගකාරී මාධ්‍ය කරණය තුල  රූපවාහිනී නාලිකාවන්හි පවතින  මුඛ්‍ය අරමුණ වන්නේ  පේක්ෂකයාට විනෝදාස්වාදය සැපයීම පමණි. එබැවින් කිසිදු නියාමනයකින් තොරව  දරුවන්ගේ  සිතුවිලි වලට සෘණාත්මක බලපෑමක් ඇති  කරවන සුළු දර්ශන  ඇතුළත් කාටූන් වැඩසටහන් විකාශනය  කිරීම සිදු කරයි. මන්ද වර්තමාන රූපවාහිනී නාලිකාවන්හි පවතින  ප්‍රමුඛ්‍ අරමුණ වන්නේ  ලාභ ඉපැයීම නිසාවෙනි. විශේෂයෙන්  ප්‍රචණ්ඩත්වය ඉස්මතු  කරමින්, අනිකා පීඩාවට පත්  කරමින් විනෝදාස්වදය ලබන, අනෙකා විනාශකරමින් වීරත්වය ප්‍රදර්ශනය කරන චරිතයන් කාටුන් තුළින් නිරූපණය කරයි. එ බැවින්  දරුවන්ශේ ලොකයේ වීරයන් බවට පත්වන්නෙද  මෙකී චරිතයන් ම ය. කාටුන් වල චරිත සහ ඔවුන්ගේ  ගති ලක්ෂණ තවමත් නොපීරිණු ළමා මොලය තුළ ගැඹුරින් ව තැන්පත් ශේ. දිනකට පැය තුන හතරක් කාටුන් නරඹන දරුවන් තුළින් ප්‍රචණ්ඩකාරී සහ අකීකරු හැසිරීම් ප්‍රකට කෙරෙන  බව පර්‍යේෂණවලින් හෙළි  වී තිබේ. මෙකී  බලපෑම ආකාර තුනකට සිදු වේ. 

• දරුවන් අනුන්ගේ  දුක වේදනාව නොහදුනන්නන් බවට පත් වීම. 

• තමන් අවට තිබෙන  ආයුධ්‍ හෝ පහර දීමට භාවිතා කළ හැකි දේවල්  සහ  ප්‍රචණ්ඩත්වය පිළිබඳ අසංවේදි වීම. 

• දරුවන් තුළින් කලහකාරී, ප්‍රචණ්ඩකාරී හැසිරීම් ඉස්මතු වීම. 


බොහෝ  කාටුන්වල අනුකම්පා විරහිතව සිදු කෙරෙන  පහරදීම්  සහ  මරා දැමීම් සුලභව අන්තර්ගත වන අතර එසේ කිරීම සමාජ වීරෝධි ක්‍රියාවක් සහ වින්දිතයාට හෝ මරණයට පත් වන්නට වේදනාවක්  ඇති  වන දෙයක්  බව නො හැගවෙයි.මේ තුළින්  දරුවා ප්‍රචණ්ඩකාරී සමාජ වීරෝධි ක්‍රියාවවල  නිරතවීමේ නොනිත් ආශාවකින් පෙළෙන  තත්වයකට පත් වන බව මනෝ විද්‍යාඥයින් අවධාරණය  කරති. එය සමාජයේ  ප්‍රගමනයට අති විශාල  ගැටලුකාරී තත්ත්වයක් ඇති  කිරිමට හෙතුවේ. රටක අනාගතය බාර ගැනීමට සිටින දරු පරපුර තුළ මෙවැනි  විකෘති  මානසික තත්ත්වයන් ඇති  වීම තුලින් සමාජයක් සංවර්ධ්‍නයට මෙන්ම  රටක පැවැත්මට ද එය අහිතකර ලෙස  බලපානු ලබයි.

Saturday, March 6, 2021

 කුමර කොබෙයි නවකතාව 



නවකතාව යනු සමීප මිනිස් අත්දැකීම් විවරණය කෙරෙන දීර්ඝ ප්‍රබන්ධ ආඛ්‍යානයකී. නැතහොත් මිනිසාගේ විවිධාකාර වූ ජීවන පැතිකඩයන් නිරූපණය කරන කලා මාධ්‍යයක් ලෙස ද විග්‍රහ කළ හැක. නවකතාකරුවෙකු  තමන් ලදජීවන අත්දැකීම් හෝ ප්‍රබන්ධය කරන ලද හැඟීම් පදනම් කරගෙන නවකතාව ගොඩනඟයි. එකී යථාර්ථය පසක් කර ලීමට ශමෙල් ජයකොඩි මහත්මිය ගේ නවකතා වලට හැකි වේ. ඇය වෘත්තීය වශයෙන් සිවිල් ඉංජිනේරුවරියක වුවත් ඇයව සමාජය හඳුනාගෙන තිබෙන්නේ සාහිත්‍ය සමාජය ප්‍රභාමත් කරවන නවකතාකාරියක් ලෙස ය. 2008 වර්ෂයේ දී "යළි උපන් ගැහැණිය" නවකතාව රචනා කරමින් නවකතාකරණයට පිවිසෙන ඈ ඉන්පසු "රෝසමාලී", "පියාපත්ලත් දෝණි", "ගැහැණු ළමයාගේ මරණය", "පාරාදීසයක දරුවෝ", "ප්‍රංශ පෙම්වතා", "ඇමරිකා", "වීනස් ගේ උපත", "කුමර කොබෙයි" ඇතුළුනවකතා  12 ක් රචනා කර තිබේ. මින් බොහොමයක් නවකතා ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වූ ඒවා ය. ඇගේ නවකතා බොහෝ විට ගොඩනැගෙන්නේ විවිධාකාරයෙන් පීඩාවට පත්වු ස්ත්‍රී ආත්මයන් වටා ය. ඒවා තුලින් සියුම් ලෙස දිරිමත්, ධෛර්යමත් කාන්තාවන් සිය ප්‍රතිරූපය සකස් කර ගන්නා ආකාරය පාඨකයා හමුවට ගෙන එයි. එබැවින් ඇගේ නවකතා ස්ත්‍රීවාදී දෘෂ්ටිකෝණයකින් නිර්මාණය වන ස්වභාවයක් ද නිරූපණය වේ. විදෙස්ගතව ජීවත්වන ඇය බටහිර රටවල වාසය කරන ලාංකිකයන්ගේ ජීවන දෘෂ්ටින් හා සංස්කෘතික වශයෙන් හැසිරෙන ආකාරය පදනම් කර ගෙන නවකතා කරණයෙහි යෙදෙයි. මෙකී ආකෘතිය මත නිර්මාණය වූ නවකතා අතරින් කුමර කුකොබෙයි නවකතාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙය 2020 වර්ෂයේ දී ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ අවසාන වටයට නිර්දේශ වු කෘතියකි.

කුමර කොබෙයි නවකතාව නිර්මාණය කිරීමට පාදක වන්නේ ඇමරිකාවේ ජීවත් වන අවිවාහක ලාංකීය තරුණියක් වන ඉන්දිකා සිය අන්තර්ජාල පෙම්වතා හමුවීමට නිර්මලා හා අරුන්දතී යන සිය මිතුරියන් සමග ඇමරිකානු මහද්වීපය හරහා යන චාරිකාවේ දී ඔවුන් අතර ඇතිවන මානසික විවරණයකි. නවකතාව ගොඩනැඟෙන්නේ ඉන්දිකා, නිර්මලා හා අරුන්දති යන චරිත ත්‍රිත්වය වටාය. ඉන්දිකා විවාහය ප්‍රමාද වූ විවාහයත් දරුවන් ලැබීමේ අපේක්ෂාවෙන් පසුවන ඒ සඳහා අවකාශය සොයා යන තරුණියකි. නිර්මලා බිඳී ගොස් ඇති විවාහය පිළිබඳ ව උපේක්ෂාවෙන් බලා දරුවන් උස් මහත් කරගෙන උසස් ජීවන මට්ටමක් ළඟා කරගෙන සිටින තෘප්තිමත් මවකි. අරුන්දතී ඈ හැරගිය සැමියා නැවත කැඳවාගෙන ඒමට අපේක්ෂා කරන ධෛර්යමත් මවකි. නවකතාව තුළ දී මේ චරිත ත්‍රිත්වය සිය ජීවිතයේදී අත්කරගන්නා ලද ජයග්‍රහණ, පරාජයන්, හිමිකරගැනීම්  හා අහිමි කර ගැනීම් පිළිබඳව අද්දැකීම් බෙදා හදා ගනිමින් එකිනෙකා ශක්තිමත් කර ගනිමින් ජීවිතය බෙදා ගන්නා ආකාරය විද්‍යමාන කරයි. එබැවින් නව කතාවේ අනුභූතීන් පැති කිහිපයක් ඔස්සේ විග්‍රහ වේ. එනම් නූතන ස්ත්‍රියකගේ භූමිකාව, මහද්විපයක වසන මිනිසුන්ගේ ජීවන චර්යාව හා සංස්කෘතීන් කිහිපයක ඝට්ටනය විවරණයවේ. 

නව කතාව ආරම්භ වන්නේ ම පාඨකයා තුළ කුතුහලයක් හා ප්‍රශ්නාර්ථයක් ජනනය කරමිනි. නිර්මලා ගේ මුවින් පිටවන එන වචන සමුදායකින් ඉන්දිකා ගේජීවිතයේ විශාල හිඩැසක් හා ඇගේ පෙම්වතා ගේ ස්වභාවය පාඨකයා වෙත ගෙනහැර දක්වයි. දරුවෙකු ලැබීමේ සරුභාවය අග්ගිස්සෙහි එල්ලී සිටින ඉන්දිකා ගේ මූලික අපේක්ෂාව වන්නේ ඉක්මනින් විවාහ වී දරුවෙකු ලැබීමය. එකී අපේක්ෂාව කතුවරිය පාඨකයා වෙත ඉදිරිපත් කරන්නේ සංඥාර්ථ උපයෝගීකොට ගනිමිනි. තනිකඩ ගැහැනියක් විදිහට ඇමරිකාවේ සිංහල මිනිසුන් අතර වෙහෙසකර දිවියක් ගෙවන ඉන්දිකා ට කාලිංග මුණගැසෙන්නේ සයිබර් අවකාශය තුළිනි. කිසි දිනක හැබහින් දැක නොමැති ඇමරිකාව තුළ අනවසරයෙන් පදිංචි ව සිටින ඉන්දිකා ගේ පෙම්වතාගේ ස්වාභාවය  කතුවරිය පාඨකයා වෙත ගෙන එන්නේ "පිටසක්වල පෙම්වතෙකු" ලෙස රූපක උපයෝගී කරගනිමිනි. ජීවිතයේ හතළිස් දෙවැනි වියේ පසුවන ඉන්දිකා තවදුරටත් විවහාය පිළිබඳ සිහින දකිමින් ඇමරිකාව තුළ හැබැහින් ජීවත් නොවන පුද්ගලයකු මත තම අපේක්ෂාවන් රඳවා බලා සිටීම පිළිබඳ ඇගේ යෙහෙළිය වන නිර්මලා සිදුකරන චෝදනාත්මක ස්වරය කතුවරිය ඉදිරිපත් කරන්නේ උපමාවන් උපයෝගී කර ගනිමිනි.

"ඔයාට ඇත්තටම අම්මා කෙනෙක් වෙන්න ඕනෑ නම් දැන් ම කසාද බඳින්න, දැන්ම කසාද බඳින්න ඕනේ නම් ඔය පිටසක්වල පෙම්වතා අමතක කරන්න "නිර්මලා ගේ මුවින්ඒ වචන ගලා ආවේමී පැණි මෙන් හිමිහිට ඝනකම් ව ය. "


ඉන්දිකා ලංකාව හැර තමා ඇමරිකාවට පැමිණේන්නෙ තම විවාහය ප්‍රමාද වීම පිළිබඳ ලංකීය සමාජයෙන් එල්ලවන පීඩනයෙන් සැඟවී සිටීමට ය. ලංකාව වැනි සංස්කෘතික, ආගමික හා සම්ප්‍රදායන්ගෙන් මායිම් වූ රටක ස්වකැමැත්තෙන් තනිවීම දුෂ්කර කර්‍යයකි. නමුත් එය ට තම පවුලෙන් නෑදෑ හිත මිතුරන් ගෙන් ධෛර්යය, ආදරය  හිමිවන්නේ නම් එය පහසු කාර්යයකි. නමුත් ලාංකික සමාජය තුළ ජීවත් වෙන මිනිසුන් විවාහය දෙස බලන්නේ කාන්තාවක් වීම නිසාම අනිවාර්යෙන් හිමිවිය යුතුය දෙයක් ලෙස ය. ගැහැනියක යනු ජිවිතයේ අවස්ථා ගණනාවක අලුතින් උපදින තැනැත්තියකි. වැඩිවියට පත්විම, විවාහය, මාතෘත්වය යන අවදීන් තුළ ගැහැනියකට විවිධාකාර වූ භුමිකාවන් අත්විදිමට සිදුවේ. නමුත් මෙම එක් භුමිකාවක් හෝ මග හැරෙන තැනැත්තියට සමාජයෙන් කොන්විමට සිදුවේ. විශේෂයෙන් මෙම චොදනාත්මක ස්වරයන් එල්ල වන්නේ ම තවත් කාන්තාවක් තුළිනි. ලාංකික  සමාජය තුළ ජීවත්වන බොහෝ කාන්තාවන් මුහුණ දෙන එකී සමාජ සත්‍ය නවකතාව තුළින් යථාර්ථවාදී ස්වරූපයකින් යුතුව ඉදිරිපත් කරයි.

"ලංකාව දාලා මෙහේ එන්න නම් හිතිලා තිබුණේ නැහැ. ඒත් බදින්න පරක්කු වෙද්දි මට ලැජ්ජ හිතුනා. නෑදෑයෝ, ගමේ අය, මාත් එක්ක වැඩ කරන අය කතා කලේ මට බදින්න කවුරුත් නැති එක ගැන...."


ලාංකික සමාජයෙන් එල්ලවන පීඩනයෙන් මිදීමට ඇමෙරිකාවට පැමිණි ඉන්දිකාට මුණ ගැසෙන ඇමරිකාවේ නිව්ජර්සි හි මිතුරු සමාජයද කොදෙව් මානසිකත්වයෙන් බැහැර නො වුණු පිරිසකි. ඔවුන් ද ඉන්දිකාගෙ තනිකඩ ජිවිතය පිළිබඳ නිරන්තරයෙන් ප්‍රශ්න කරනු ලබන්නේ එය ඇ තුළින් සිදු වු විශාල වරදක් ලෙස හුවාදක්වමිනි. මන්ද ඔවුන් ආදර, විවාහය දෙස බලන්නේ සාම්ප්‍රදායික මතවාද තුළිනි. ඇමරිකානු සමාජය තුළ සිංහල ගම්මාන නිර්මාණය කරගෙන සිටින මිනිසුන් ඇමරිකානු සංස්කෘතිය තුළ ජීවත් වෙමින් සිංහල සංස්කෘතියෙන් හිතන පතන පිරිසක් විය. එබැවින් ඉන්දිකා ගේ තනිකඩ ජීවිතය ඒ තුළින් තව තවත් හෙම්බත් කරවයි. මෙහිදී කතුවරිය ඇගේ තනිකඩ ජීවිතයේ ස්වභාවය පාඨකයා ඉදිරියට ගෙන එන්නේ අසම්පූර්ණ වූ සිතුවමකට උපමා කරමිනි.

"ඒ දිනවල නිව්ජර්සි හි මිතුරු සමාජය මා දෙස බැලුවේ අවසන් නොකළ සිතුවමක් දෙස බලන පරිද්දෙනි"


දරුවෙකු ලැබීමේ සරු කාලය දවසින් දවස ප්‍රමාද වන ඉන්දිකා සිය ජිවිතය බලාපොරොත්තු මත පමණක් රදවාගෙන කාලිංග දෙස බාලාසිටින්නෙ ඇගෙ ජිවිතය තේරුම් ගත් එකම පිරිමියා ඔහු වු බැවිනි. මින්පෙර ඇගේ ජිවිතයට පැමිණි කිසිවෙකු ඇයව තේරුම් ගත් අය නොවිය. ඇය හැම විටම බලාපොරොත්තු වූයේ තමා ව ඉන්න විදියෙන් භාරගන්නා කැමති මිනිසුන් සහිත සමාජයකට ය. ඇගේ ප්‍රමාද වූ විවාහය පිළිබඳ ව හේතු නොසොයන මිනිසුන් ගෙන් පිරි ලෝකයකි. නමුත් ඇය අපේක්ෂා කළ ලෝකය දිනා ගැනීමට ඇයට නොහැකි විය. ඇගේ හුදෙකලා වු ජිවිතය ට හෙතුවන්නෙ ද මෙයයි. ඇමරිකාව තුළ වෙහෙසකර හුදකලා දිවියක් ගත කරන ඉන්දිකා ට කාලිංග ගේ පැමිණීම යම් අස්වැසිල්ලක් හිමි කරදෙයි. ඔහු ඉන්දිකාගේ හුදකලා ජීවිතයට ඇහුම්කන් දෙයි. එසේම ඇගේ බලාපොරොත්තු සියල්ල ඉටුකර දීමට ඔහු පොරොන්දු වේ. නමුත් කාලිංග ඇමරිකාව තුළ ගත කරන්නේ සැඟවුණු ජීවිතයකි. කාලිංගගේ මෙම සැඟවුණු ජීවිතය පිළිබඳ නිව්ජර්සිහි මිතුරු සමාගමේ  සැකයට බඳුන් වේ. ඉන්දිකා තම ජීවිතය නොකෙරෙන විවාහයක් වෙනුවෙන් ගෙවා දමන බව ඔවුන් චෝදනා කරයි.

" ඔයා ළඟ තියෙන්නේ හිස් ආදරයක්.....ඉන්දිකා රැට කාලිංගට කතා කරලා ලස්සන හින එක්ක නිදාගන්නවා.  පහුවදාට වැඩට යනවා.  ඒත් දවස අන්තිමට ඔයා එතනමයි. ඒ වගේ ආදරයක් හොදයි අවුරුදු විස්සේ ගෑනු ළමයින්ට....."

" ඔය විදිහට ඉන්දිකා නොදන්න මනුස්සයෙකුට බැදිලා ඉන්න එකෙන් ඉස්සරහට එන්න ඉන්න කෙනෙක්වත් අදුනගන්න ඔයට ඉඩක් නැහැ.."


අවසානයේ ඉන්දිකා  තම විචිත්‍රවත් කැලිෆෝනියානු ආදරය සොයා යාමට තීරණය කරන්නේ ඇගේ මිතුරිය වු නිර්මලාගෙ යෝජනාව මතය. කුමර කොබෙයි නව කතාවේ පරමාර්ථය දිගහැරෙන්නේ මෙතැන් සිටය. නිර්මලා ගේ ඉල්ලීම් මත කාලිංග බැලීමට යන මේ චාරිකාව සඳහා  ඉන්දිකා නිව්ජර්සි හි සිට නිර්මලා සිටින කැනඩාවේ මොන්ට්රියල් බලා පැමිණේ. ඇය පිළිගැනීමට නිර්මලා දුම්රි ස්ථානයට පැමිණේ. එහිදී නිර්මලා හැඳ සිටි ඇඳුම් තුළින් කතුවරිය සංස්කෘතින් දෙකක මිශ්‍රණයක් පාඨකයා වෙත ඉදිරිපත් කරයි. ඇමරිකානු සංස්කෘතිය තුළ ජීවත් වුවද තවමත් ඇය තුළ ශ්‍රී ලාංකික සංස්කෘතිය තිබෙන බව ඒ තුළින් සංකේතවත් කරයි. කතුවරියඒය ඉදිරිපත් කරනුයේ ඉන්දිකා ගේ ප්‍රකාශනයක් ලෙසට ය.

"එදා නිර්මලා මා පිළිගත්තේ ඩෙනිම් කලිසමට උඩින් වටිනා හෑන්ඩ්ලූම් රෙද්දකින් මැසූ උස අත් කොට වර්ණවත් බ්ලවුසයකින් සැරසී ගෙනය... ඔයාගේ ඩෙනිම ඇමරිකාවෙන් හැට්ටෙ ලංකාවෙන්.... මම වෙනදා මෙන් විහිලු කලේමි."


ඉන්දිකා ගේ පෙම්වතා හමුවට යන මේ මහද්වීප චාරිකාව අතරතුර ඔවුන් දකින අත්විඳින සමාජ කතිකාවත අපූරුය. ඔවුන්ට හමුවන විවිධ මිනිසුන්, විවිධ සංස්කෘතීන් මෙන්ම අපුර්ව පරිසරය කෘතියට අපූර්ව අගයක් එකතු කරයි.ගමනේ වැදගත්ම සංධිස්ථානය වන්නේ ගමන අතරවාරයේදී හෙලිවන ඉන්දිකා, නිර්මලා හා අරුන්දතිය ගේ ජීවන කතිකාවතයි.නවකතාව මෙතැන් සිට ස්තීවාදී දෘෂ්ටිකෝණයකින් රචනා කර තිබෙන බව මෙහි ඉදිරිපත් කර තියන උදාහරණ තුළින් පිළිබිඹු වේ. නිර්මලා හා ඉන්දිකා විවාහ වී දරුවන් ලැබ සාර්ථක පවුල් දිවියක් ගත කරන කාන්තාවන් ලෙස සමාජයේ ඉදිරියේ පෙනී සිටි.නමුත් ඔවුන්ගේ ජීවිතවල නොපෙනෙන පැතිකඩක් සැඟවී තිබෙන බව පාඨකයා වෙත විද්‍යාමාන වන්නේ චාරිකාව අතර වාරයේ ඇතිවෙන සංවාද තුළිනි. මතු පිටින් පෙනෙන ආදරය හා සතුට පිරි පවුල් ඒකකය බොහෝ විට ව්‍යාජ එකක් බව දැක ගත හැකි වන්නේ ස්ත්‍රී ආත්මය තුළ ප්‍රකාශිත වරප්‍රසාද අත් කර ගත් විටය. එකී ව්‍යාජය සත්‍යයක් බව වටහා ගෙන ජීවත් වන්නේ පවුල් ඒකකය රැකගැනීමට ස්ත්‍රී තුළ ඇති ධෛර්යය නිසාවෙනි. එබැවින් නිර්මලා සහ අරුන්දතී යථාර්ථය තේරුම් ගත් කාන්තාවන් ලෙස ජීවිතය ජය ගැනීමට හා ජීවිතය විඳින්නට උත්සාහ කරන බව ඉන්දිකා දැනගන්නේ චාරිකාව අතර වාරයේ ඇතිවන මෙම මානසිකවිවරණයේ දී ය.

අරුන්දති ගේ චරිතය මතුපිටින් පෙනෙන්නේ ජීවිතය සන්තෝෂයෙන් විඳීමට ආශාකරන ජීවිතයට පැමිණෙන ගැටලු පිළිබඳව බැරෑරුම් ලෙස නොසිතන දඩබ්බර චරිතයක් ලෙස ය.නමුත් ඇය ඇතුළාන්තයෙන් සිය පවුල් ජීවිතය ව්‍යාකූල වූ තම දරුවන්ගේ යහපත පමණක් සිතන, ජීවිතයේ  විවිධ හැලහැප්වීම් ලක් වුනු කාන්තාවකි. අරුන්දතී ගේ පළමු විවාහය සිදු වන්නේ ස්ටීවන් නැමැති රෝගි වූ මහලූ පුද්ගලයකු සමඟයි. ඒ ඇයට ඇමරිකාව තුළ ස්ථිර පදිංචිය තහවුරු කරගැනිමේ අවශ්‍යතාව නිසාවෙනි. නමුත් අරුන්දතී ඔහුට ඇගේ උපරිමයෙන් උපස්ථාන කරමින් රැකබලා ගනී. ඔහුට නොමද කරුණාවෙන් හා සෙනෙහසින් යුක්තව කටයුතු කර දුන්හ. එබැවින් අරුන්දතී ද ඔහුගේ නොමද කරුණාවට භාජනය වේ. ඔහු ඇයගේ සමස්ථ ජිවිතයම සැලසුම් කරයි. ඇයට ඇමරිකාව තුළ උපන් ගැහැනියක ලෙස ජිවිතය ගතකිරීමට අවශ්‍ය සියලුම අවකාශය සලසා දෙයි. නමුත් ඇගේ හද තුළ කැකෑරෙන පසුතැවිල්ලවන්නේ තමාට එතරම් කරුණාව දැක්වූ ඔහුගේන් දරුවෙකු බිහිකර ගැනීමට නොහැකි වීමයි. මෙකී අවස්ථාව පාඨකයා තුළ කරුණා රසය උත්පාදන කරන අවස්ථාවකි.

"ස්ටීවන්මට පෙන්නු කරුණාව ලබන්නට මම මොනතරම් පින් කරන්න ඇද්ද?.. .එයා මරණය දැක දැක මගේ ජිවිතයේ අගලක් ගානෙ සැලසුම් කළා. මම අදටත් දුක් වෙනවා මම ස්ටීවන්ගෙන් දරුවෙක් හැදුවේ නැති එකට"


ස්ටීවන්ගෙ මරණින් පසුව අරුන්දතී ගේ දෙවැනි විවාහය සිදුවන්නේ ප්‍රසාද් සමඟ ය. ඇයට ප්‍රසාද් ව හමුවන්නේ ස්ටිවන් සමඟ විවාහ ජිවිතයගත කරන  කාලය තුළය. එම සම්බන්ධතාව ගොඩනැගෙන්නේ ස්ටිවන්ගේ ආශිර්වාදය මතය. මන්ද තමා ට ලබා දිය නොහැකි ජීවිතය ඇය ඔහු ගෙන් ලැබීම ස්ටීවන් ගේ අපේක්ෂා විය. එහිදී අරුන්දතීට ප්‍රසාද් ට දාව දරුවන් දෙදෙනකු උපදී. නමුත් ඔවුන්ගේ පවුල් ජීවිතය ව්‍යාකූල වන්නේ ප්‍රසාද්ගේ සූදුවට හා බීමට ඇබ්බැහිවු ජීවිතයක නිසාවෙනි. ඇය ඔහුව එම ජීවිතය ගලවා ගැනීමට උත්සාහ කළ ද එය කළ නොහැකි වූ තැන ඇය දරුවන් දෙදෙනා ද සමග මොන්ටියල් හි පදිංචියට පැමිණෙන්නේදරුවන්ගේ අනාගතය ගැන සිතමිනි. අරුන්දතිට සිය සැමියාගේ  ජීවිතයය හමඟට ගත නොහැකි කළ ඇගේ සම්පූර්ණ ජීවිතේ වන්නේ දරු දෙදෙනාය. එය උතුම් මාතෘත්වය විදහා දක්වන අවස්ථාවකි. පියෙකු නොමැතිව හැදී වැඩෙන තම දරුවන්ට පියාගේ අඩුව කිසිවිටෙකත් දැනිමට ඇය ඉඩ නොදේයි. විවාහ ජීවිතය තුළ බිරිඳ විදියට අසාර්ථක චරිතයක් වුව ද මවක් විදිහට ඇය සතු සාර්ථක භාවය අතිමහත්ය. කතුවරිය මෙහිදී අරුන්දතී අරුන්දිකගේ ජීවතයෙහි සැඟවී පැවති ශෝකජනක වූ පැතිකඩ පාඨකයා ඉදිරියේ ගෙනහැර දක්වන්නේ මෙසේ ය .

" අම්මා කෙනෙක් ට සිද්ධ වෙනවා දරුවන්ගේ අනාගතය ගැන සිතන්න .....ළමයින්ගෙ තාත්තා සූදු කෙළිනවා නම් ඒඅම්මා උත්සාහ ගන්නවා ළමයි ගැන හිතලා ඒ මනුස්සයා හරිපාරේ යවා ගන්න. එහෙම බැරි නම් තනියම හරි ළමයි හොඳට හදාගන්න. "

" එක තමයි අම්මා කෙනෙක් වෙනවා කියන්නේ.... .පොඩි පුතාගේ කතා අහලා මට දැන් හොකී ලිග් ගැන පොතක් ලියන්න පුළුවනි. ඇත්තටම නම් ආදරය කරනවා කියන්නේ ඇහුම්කන් දෙන එක්ට...මගේ නම් ලොකුම විනොදාන්ශය වුණේ ම්ගේ පුතාලා උස් මහත් වෙනකම් තාත්තගෙ අඩුව පුරෝපු එක "


අරුන්දතී සිය දරුවන් ගේ අනාගතය පිළිබඳ සිතමින් තම ස්වාමිපුරුෂයා අතහැර  පැමිණිය ද ඇය ඒ පිළිබඳ පසුතැවිලි වේ. ඇය තම දරුවන්ගේ ජීවිත වෙනුවෙන් තමන්ගේ කැමැත්ත, ආශාවන් කැප කළ මවකි. අරුන්දතී  හා ප්‍රසාද් වෙන් වෙන්ව ජිවත් වුවද ඔහු පිළිබඳ ව ඈ තුළ ඇති ආදරය කිසි ලෙසකින් වත් අඩු වී නොමැති බව කතුවරිය පාඨකයා වෙත ඉදිරිපත් කරනු ලබන්නේ සංකේත උපයෝගී කර ගනිමිනි. වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි ආකාරයේ හැඟීම් සමුදායක් කතුවරිය සංකේත මගින් ඉදිරිපත් කරන්නේ ඇ සතු භාෂාමය කුසලතාවය විදහා දක්වමිනි.

" ඒක ප්‍රසාද් ගේ ඇඳුමක්...අරුන්දතී ඒක පණ වගේ රකිනවා...හෝදන්නේ අතින් "


නවකතාව ආරම්භයේ දීම නිර්මලාගෙ චරිතය පාඨකයා හමුවට ගෙනයන්නේ උසස් ජීවන මට්ටමක් ළඟා කරගනිමින්  සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන තෘප්තිමත් මවක් ලෙස ය. නමුත්  ඇගේ ජීවිතය පිළිබඳ  පාඨකයා හමුවේ නිරාවරණය නොවුණු අඳුරු පැතිකඩක් චාරිකාව අතර වාරයේදී එළිදරව් වේ. එනම් ඇගේ විවාහ ජීවිතයේ ව්‍යාකූල වු ස්වාභාවය යි. ඇයවිවාහ වන්නේ වීනොද් නම් දමිළ තරුණයකු සමඟය. ඔහුගේ සෙල්ලක්කාර ජිවිතය ඇගේ විවාහය දෙදරායමට හෙතුවිය. නිර්මලා තමාගේ මුලු ජිවිතයම සිය පවුල වෙනුවෙන් කැපකලද ඔහුට තනි ගැහැනියකට කොටුවී ජිවත් විමට නොහැකි විය. නමුත් නිර්මලා ඔහුගේ මෙම ජිවිතය දෙස යොමන්නෙ උපෙක්ෂා සහගත බැලීමකි. දරුවන් දෙදෙනකු සිටින ව්‍යාපාරික කාන්තාවක් වන නිර්මලා ප්‍රසාද් හට ඔහුගේ ජිවිතය තුළ ජිවත්විමට ඉඩහරින්නෙ තම දරුදෙදෙනාට පියෙකු අහිමිවේයැයි යන බිය නිසාවෙනි. එබැවින් නිර්මලා සමාජය තුළ සාර්ථක චරිතයක් වුවත් පවුල් ජිවිතය තුළ  අසාර්ථක චරිතයකි. නමුත් ඇය  මෙම දුක්ගැහැට විදදරා ගනිමින් සමාජය ඉදිරියේ සිය සාර්ථකභාවය පමණක් නිරුපනය කරන ලද්දේ ඈ සතු ධෛර්යය පාඨකයා වෙත ඉදිරිපත් කරමිනි. සැම මිනිසෙකුගේම සිය ජිවිතය තුළ සාර්ථක හා අසාර්ථකවු ජිවන පැතිකඩයන් නිරුපනය කරයි. මෙය සැම පුද්ගලයකුම සිය ජිවිතය තුළ අත්විදින සමාජ සත්‍යයකි. බොහෝ මිනිසුන් තම සාර්ථකභාවය තුළින් අසාර්ථකවු ජිවිතය වසන් කිරීමට උත්සාහ දරයි. මෙකී සමාජ යථාර්ථය කතුවරිය පාඨකයා වෙත ගෙන එන්නේ නිර්මලාගෙ චරිතයතුළිනි. ලෝකයට පෙනෙන ජිවිතය හා නොපෙනෙන ජිවිතයේ අදුරු පැපැතිකඩ දෙස උපෙක්ෂාවෙන් බලමින් ඒවා පරයා යන ස්ත්‍රීයකගෙ ශක්තිය හා අධිෂ්ඨානය අත්මිය ප්‍රකාශනයක් ලෙස මෙහිදී මුදාහැරේ.

" නිර්මලා හරියට හද වගේ.....එළිය තියෙන පැත්ත විතරක් අපට පෙන්නන කෙනෙක් එයා..... එහෙම කියලා හදේ අදුරු පැත්තක් තියෙන විත්තිය අමතක කරනවා නම් අපියි වැරදි...."


නවකතාව  ගොඩනැගෙන්නෙ ස්ත්‍රීවාදී දෘෂ්ටිකෝණයක් කැටි  කර ගනිමිනි. ස්ත්‍රියට සමාජය තුළ හිමිවන ස්ථානය පිළිබඳ නවකතාව තුළින් විවරණයට ලක් කරයි. නවකතාව ගොඩනැගෙන්නේ විවිධාකාරයෙන් පීඩාවන්ට පත් වූ ස්ත්‍රී චරිත ත්‍රිත්වයක් වටා වුවද ඒ තුළින් සමස්ත සමාජයෙම කාන්තාවන්ගේ සමාජ තත්වය නිරූපණය කරයි. ලාංකික සමාජය තුළ ස්ත්‍රී පුරුෂ සමාජ භාවයෙහි ස්වභාවය මත ස්ත්‍රිය හා පුරුෂයා ට වෙන් වෙන් වූසමාජ තත්වයන් හා කාර්ය කොටස් කිහිපයක් සංස්කෘතිය තුළින් ම නියම වී පවතී. කාන්තාව දරුවන් බිහිකිරීමින් හා හදා වඩා ගනිමින් පවුලට පමණක් සීමා වූ චරිතයක් නමුත් පුරුෂයා සමාජයට විවර වූ චරිතයක් විය. නමුත් ඇමරිකානු සංස්කෘතිය තුළ කාන්තාවට හා පුරුෂයාට සමාන තැනක් හිමි වෙයි. ඇමරිකානු සමාජය තුළ මාතෘ මූලික පවුල් එකට නිර්මාණය වීමට බලපා නේද බලපාන්නේ ද මෙකී සමාජ  තත්ත්වයයි. නමුත් ලාංකික සමාජය තුළ ස්ත්‍රිය පුරුෂාධිපත්‍යයට යට වූ තැනැත්තියක ලෙස නවකතාව තුළින් හුවා දක්වයි. එබැවින් මෙම නවකතාව තුළින් කාන්තාවට සමාජය තුළ හිමි වන තත්ත්වය පිළිබඳ සමාජවාදී විග්‍රහයක් සිදු කරයි.

" පිරිමි හිතන්නේ එහෙම තමයි...... ගැහැනු අයට පැවරිලා තියෙන්නේ පවුලක් ඇතුලේ ළමයි හදාගන්න එකයි ගෙදර වියදම් අඩු පාඩු පිරිමහ ගන්න එකයි කියලා....... පවුලෙන් පිට ගත්තහම ගෑනු කෙනෙක්ට මුකුත් බැහැ කියලා.."

" ගෑනු කවදත් හැරෙන්නේ තමන් දිහාවට...... පිරිමි හැරෙන්නේ ලෝකෙ දිහාට....ඒකනෙ අපේ මහත්තුරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරද්දි අපි සලාද හදන්නේ...."


නවකතාවක සාර්ථක භාවය රඳා පවතින්නේ නවකතාව කියවන පාඨකයාට එය සමීප වන ආකාරය අනුව ය. එබැවින් කතුවරිය මෙම නවකතාව ගොඩනැගීමේ දී ඇමරිකාව හැබැහින් දැක නොමැති පාඨකයා තුළ පවා එහි ජීවමාන ස්වරූපයක් චිත්‍රණය වන ආකාරයට භාෂාව භාවිතා කරයි. මහද්වීපයක් හරහා යන මේ චාරිකාවේ දී ඔවුන්ට හමුවන සහ ඔවුන් අත්විඳින පරිසරයේ සුන්දරත්වය පාඨකයා හමුවට ගෙන යන්නේ උපමා, රූපක සහ ස්වභාවොක්ති ආදී අලංකාර යොදා ගනිමිනි. විවිධ සංස්කෘතීන් මුසුවු ප්‍රදේශයන් හරහා ගමන් කරන ඔවුන් ඒ ඒ ප්‍රදේශයන්ඒ ඒ සංස්කෘතීන්ට අනුව හැඩ ගත් හැඩගැසී ඇති ආකාරයමෙන් ම බාහිර පරිසරය ද ඒ ඒ සංස්කෘතීන් සමඟ හරි හරියට වෙනස් වී තිබෙන ආකාරයද කතුවරය ඉදිරිපත් කරන්නේ පාඨකයා තුළ චිත්‍ර රූප මැවෙන ආකාරයටය. චාරිකාවේ දී ඔවුන්ට හමුවෙන කඳු, නිම්න, තැනිතලා, කාන්තාරවල පමණක් නොව ගහ කොළවල පවා වර්ණයන්ගෙන් යුක්තව ඉදිරිපත් කරන්නේ  නවකතාවට සජීවීකරණ ස්වරූපයක් ලබාදීමේ අරමුණෙනි. එසේම කතුවරියගෙ භාෂා භාවිතය පිළිබඳව විග්‍රහ කිරීමේ  දී ප්‍රාදේශීය භාෂා ව්‍යවහාරය උපයෝගී කරගනිමින්  ගනිමින් උපමා, රූපක ඉදිරිපත් කර තිබෙන ආකාරය ද කැපී පෙනේ.මෙහි දීජංගි පොඩි අඳින වයසෙ, වම්බටු පැහැයට හැරුණු අහස ආදී භාෂා අලංකාර මෙහි දී භාවිත කරයි. මෙය කතුවරයගෙ දේශීයත්වයට නැඹුරු වූ ස්වරූපය විදහා දක්වන්නකි.

" සැඳෑ කල අහසෙනුත්, ගමන් විඩාවෙනුත් පීඩිත ව සිටි මට නිවස ඉදිරිපිට අටවා ඇති ආඬියා ළිං පෙනුණේ අපට ඔච්චම් කරන මලකඩ කෑ යෝධ යකඩ කුරුල්ලන් පරිද්දෙනි. "

" සිතිජය  දම් පැහැයෙන් තැඹිලි පැහැය මුසු වූ ඕගන්දි පැහැයට හැරුණේ  සවස් කල එළඹෙන බව අපට මතක් කරමිනි."


නවකතාවෙහි සිද්දිධාමයන් ගොඩනැගෙන්නෙ ඇමරිකානු සංස්කෘතිය හා ලාංකික සංස්කෘතිය කැටිකොට ගනිමිනි.එබැවින් නවකතාව ඉදිරියට ගලා යාමේදී සංස්කෘතීන් දෙකෙහි විවිධත්වය හා ඝට්ටනය මනා ලෙස පාඨකයා හමුවේ විද්‍යාමාන වේ. නවකතාවෙහි චරිත හා ඔවුන් මුහුණ දෙන අත්දැකීම් ගොඩනැගෙන්නේ මෙම සංස්කෘතීන් දෙකෙහි ඝට්ටනයෙන් ඇති වනබලපෑම නිසාවෙනි. ඇමරිකානු සංස්කෘතිය නිර්මාණය වි තිබෙන්නේ ආගමික හො වෙනයම්  බලපෑමකින් මනුෂ්‍යත්වය ආවරණය නොව ලෙසය. එබැවින් මිනිසාට අසීමිත වූ නිදහසක් ඇමරිකානු සමාජයෙන් හිමිවේ. මෙකී නිදහසම ඇමරිකානු  සමාජය තුළ  විකෘති  සංස්කෘතික ලක්ෂණ බිහි වීමට බලපා තිබේ. ලංකීය සංස්කෘතිය තුළ පවතින ආගමික හා සමාජීය බැදීම ඇමරිකානු සංස්කෘතිය තුළ දැකිය නොහැකවිම නිසාම  එරට සංස්කෘතිය  තුළ බැදීම් වලට හිමිවන්නේ අඩු වටිනාකමකි. එබැවින් ලාංකික සංස්කෘතිය මත හැදී වැඩුණු ඉන්දිකා, නිර්මලා සහ අරුන්දති යන චරිත ත්‍රිත්වය  විවාහය නැමැති  බැම්මෙන් බැඳීමට ලාංකික සංස්කෘතිය සුදුසු වන බව විග්‍රහ කරන්නේ මෙරට විවාහයට සංස්කෘතීයෙන් හිමිවන ශක්තිමත් භාවය නිසාවෙනි. කතුවරිය මෙවැනි විග්‍රහයක් ඉදිරිපත් කිරිමට හේතු වන්නේඇය ද ලාංකික සංස්කෘතියෙන් පෝෂණය  වුණු තැනැත්තියක් නිසා විය හැක.

" මෙහි මම දන්න සුදු අය කාලයක ගිහින් හේතුවක් නැතුව දික්කසාද වෙනවා ....හරියට තරුණ කාලේ හවුළේ පටන් ගත්ත ව්‍යාපාරයක් විසුරුවා හරිනවා වගේ .....එයාලා හිතනවා ළමයි ගෙදරින් ගිහින් ඉවරයි , දැන් නිදහස තියෙනවා කැමති විදිහට අලුතෙන් ජිවිතය පටන්ගන්න කියලා."

"මට හිතෙන්නේ ලංකාවේ දී කසාදෙට වටිනාකමක් තියෙනවා කියලා....එහේ කසාදයක් රැඳිලා තියෙන්නේ ඒකට ඇති තරම් මුක්කු ගහලා තියෙන්න නිසා. මෙහි දී කිසි දෙයක් නෑ..... "


සංස්කෘතියක අගය, වටිනාකම අපට දැනෙන්නේ එම  සංස්කෘතිය දෙස වෙනත් සංස්කෘතියක් තුළ සිට බලන විටය.කුමර කොබෙයි නවකතාව ගොඩනැගෙන්නේ මෙකි යථාර්ථය පසක් කරමිනි . නවකතාව නිර්මාණය වන්නේ ඇමරිකානු සංස්කෘතිය තුළ ජිවත්වන සිංහල සංස්කෘතිය මත හැදි වැඩුණු චරිත ත්‍රිත්වයක් වටා වන බැවින් ඔවුන්ගේ ජීවන දෘෂ්ටිය තුළින් මෙකී යථාර්ථය පාඨකයා වෙතගෙන හැර දක්වයි . ඇමරිකානු මහද්වීපය හරහා යන මෙම චාරිකාවේ දී ඔවුන් අත් දකින සමාජ ක්‍රමය හා මානව චර්යාවන් තුළින් සිය උපන් සංස්කෘතියේ  අගය පාඨකයා වෙත විද්‍යාමාන කරයි. ඇමරිකානු සමාජ ක්‍රමය තුළ ජීවත්වන මිනිසුන්ගේ ජීවන චර්යාවන් නිර්මාණය වී ඇති අයුරු ඔවුන්  ඉදිරිපත් කරනු ලබන්නේ උපහාසාත්මක ස්වරූපයකිනි. සුඛෝපභෝගී ජීවිත ගත කරන ඇමරිකානුවන්ගේ ඒකාකාරී ජීවිතය දෙස කතුවරිය යොමන්නෙ සිරකුටියක ජිවත්වන්නන් දෙස යොමන බැලීමකී. ලාංකික සමාජ ක්‍රමය තුළ පවතින විදිමට හැකි සංස්කෘතියක් ඔවුන් තුළ නොමැති බව මෙයින් විග්‍රහ වේ.

"මේ මිනිස්සුන්ට තියෙන්නේ කිසිම ලස්සනක් නැති ජීවිත ...... රස්නෙ කාලෙට ශීත කරපු ගෙක ඉන්නවා. ශීත කාලෙට උණුසුම් කරපු ගෙදරක ඉන්නවා. කකුලේ දූවිලි බිංදුවක් ගෑවෙන්නේ නැතුව වාහනයක නැගලා වැඩට යනවා. පඩිය බැංකුවට යනවා ගෙදර බිල් ටික බැංකුවෙන් ගෙවෙනවා. "

" හොඳ හිතල බලන්න අපි ලංකාවේ ඉපදෙන්නෙ නැතිව මේ රටක ඉපදුනා නම් අපේ ජීවිතවල ලස්සනක් තියෙනවද?.."


ශාමෙල් ජයකොඩි මහත්මිය කුමර කොබෙයි  නවකතාව රචනා කිරීම  තුළින් බලාපොරොත්තු වූයේ සමාජය තුළ  හා පවුල් ජීවිතය තුළ විවිධ තාඩන, පීඩන හා හැල හැප්පීම් වලට ලක්වුණු  කාන්තාවන් ඒවාට යටත් නොවී ජීවිතයට යථාර්ථවාදී ලෙස මුහුණ දෙන ආකාරය පාඨකයා හමුවේ ගෙන හැර දැක්වීමයි. නවකතාවේ පරමාර්ථය දිගහැරෙන්නේ ඉන්දිකා සිය පෙම්වතා හමුවීම සඳහා නිර්මලා හා අරුන්දතිය සමඟ ඇමරිකානු මහද්වීපය හරහා යන චාරිකාවේනි. චාරිකාව අතරවාරයේ දී එකිනෙකා තුළින් විවරණය වන ආත්ම කථනය නවකතාව ගලා යාම සඳහා පාදක වේ. අවිවාහක ස්ත්‍රීයක වු ඉන්දිකා හා පවුල් සංස්ථාව අසාර්ථක වු නිර්මලා හා අරුන්දතී ද තමන් තුළට පැමිණි සිර කුටීරය බිද දමා ස්ත්‍රී අධ්‍යාත්මයට පිවිසීමට ඔවුන් ගත් වෙහෙසකර උත්සාහය නවකතාවේන් නිරුපනය වේ. ඉතිහාසය හා වර්තමාන එකිනෙකට යා කරමින් ජිවිතයේ ලද වැටිම්, නැගිටිම් මෙන්ම ජය පරාජයන් ද පිළිබඳ ව කතුවරිය විවරණයක යෙදෙන්නේ එ තුළින් පාඨකයාට ජිවිතයේ යථාර්ථය පසක් කරමිනි. විවාහ ජීවිතයේ අඳුර වසාගත් ජීවිතයක් ඇති නිර්මල හා  අරුන්දතී විවාහාපේක්ෂිත මිතුරිය ධෛර්යමත්  කරමින් විවාහ ජීවිතය තුළ ස්ත්‍රීන් හා පුරුෂයින්ගේ හැඩතල සියල්ලම ඉන්දිකාට විග්‍රහ කරන්නේ සාර්ථක පවුල් ජීවිතයක් ගෙවීමට හැකිසේ  අවකාශ සලසා දීමට ය. එසේම පවුල් සංස්ථාව තුළ කාන්තාවට මුහුණ පෑමට සිදු වන විවිධාකාර වූ ප්‍රශ්න ගැටලු මෙන්ම ඒවා යටපත් කර ගනිමින් ජීවිතයට සාර්ථකව මුහුණ දෙන ආකාරය නවකතාව තුළ  නිර්මලd හා අරුන්දතී ගේ චරිතයන් තුළින්  පිළිබිඹු වේ. එසේම ලාංකික සමාජ ක්‍රමය හා ඇමරිකානු සමාජ ක්‍රමය තුළ  විවාහය හා පවුල් එකකය පිළිබඳ  නවකතාව තුළින් කෙරෙන විග්‍රහය සමාජ දෘෂ්ටිකෝණයකින් විවරණය වේ.

කතුවරිය නවකතාව ගොඩනගන්නේ බටහිර සමාජ ක්‍රමයෙන් තමන් ලද අද්දැකීම් පදනම් කරගනිමිනි. විදෙස්ගතව ජිවත් වන ඇය එහිදී අද්දකින ලද ලාංකිකයන්ගේ  ජිවන රටාවන් හා ඔවුන් බටහිර සංස්කෘතියට මුසුවේම්න් ජිවත්වන ආකාරයත් නවකතාව තුළින් විදහා දක්වයි. සිංහල සංස්කෘතිය තුළ හැදි වැඩුණු මිනිසුන් බටහිර සංස්කෘතිය තුළට මුසුවීමට ගන්නා උත්සාහයත්, ඇතමුන් බටහිර සංස්කෘතිය තුළ ජිවත්වෙමින් ලාංකික සංස්කෘතියේන් සිතන පතන ආකාරයත් මෙන්ම කිසිදු අරමුණක් රහිතව සංස්කෘතීන් දෙකකට මැදිව ජීවිතයට ඔහේ ගලා යාමට ඉඩ සලස්වන අකාරයත් නවකතාව තුළින් විවරණය කරයි. නවකතාවේ සාර්ථකභාවය රඳාපවතින්නේ එය පාඨකයා වෙත යථාර්ථවාදී ස්වරූපයකින් ඉදිරිපත් කිරීමෙනි. උපමා, රූපක, ස්වාභාවෝක්ති, ප්‍රාදේශීය බස්වහර ආදි අලංකාර භාවිතා කරමින් නවකථාවෙහි චරිත වල ස්වභාවය හා භෞතික පරිසරය චිත්‍ර රූප මැවෙන ආකාරය නිරූපණය කරයි. නවකතාව කියවීමේ දී පාඨකයාට විද්‍යාමාන වන එක් කරුණක් වන්නේ කතුවරිය නවකතාව ගොඩනගා ගන්නේ ඇමරිකානු සංස්කෘතිය හා ලාංකික සංස්කෘතිය කැටි කරගනිමින් වුවද ඒ තුලින් ලාංකික සංස්කෘතියේ වටිනා කම හුවා දක්වන බවයි. මේ අනුව විමසා බලන විට කුමර කොබෙයි  නවකතාවේ සමස්තයෙන් ම විග්‍රහ වන්නේ කොදෙව්වක ජීවත් වුවද  මහද්වීපයක  ජීවත් වුවද මිනිසුන් ගේ ජීවිතයේ ස්වභාවය තීරණය වන්නේ ඔවුන් ජීවිතයේ විඳින ආකාරය හා ජීවිතය භාර ගන්නා ආකාරය අනුව වන බවයි.

ශාමින්ද ලක්මාල්..


Monday, November 2, 2020

 නූතන ගීත කලාවේ ස්වභාවය

"ගීතය වූ කලී රසය ආත්මය කොටගත් වැකියකි.නැත හොත් ගීතය මානව හදවත ආනන්දෙන් ප්‍රඥාවට යොමු කරන කලා මාධ්‍යයක් ලෙස ද විග්‍රහ කළ හැක".මේ ආකාරයට ගීතයක ස්වභාවය විග්‍රහ කළ ද නූතන ලාංකික ගීතය තුළ මෙවැනි ගුණයක් තිබෙන්නේ ද යන්න ගැටළුවක් පවතී.මන් ද නූතනවාදී සංස්කෘතියත් සමඟ සමාජයේ සෑම අංශයක්ම පරිවර්තය යුගයක් කරා ගමන් කිරීම සිදුවිය.එකී පරිවර්තනය තුළ ගීත කලාව ද පෙර පැවති ආකාරයට වඩා වෙනස් ස්වරූපයකින් නූතන අවධිය තුළ විකාශනය විය.මෙම වෙනස්වීම මත ගීත කලාව තුළ  පරිහානි ක ස්වරූපයක් නිර්මාණය වී ඇති බව බැලූ බැල්මට පෙනේ.මන් ද එදා නිර්මාණය වූ සුභාවිත ගීතය හා ජනප්‍රිය ගීතය තුළ පැවැති අර්ථ රසය,ශබ්ද රසය,ශුන්ගාරාත්මක බව,සාහිත්‍ය කාමි බව,සමාජ විවරණය මෙන්ම ජීවිත යථාර්ථය වැනි ගැඹුරු ශාස්ත්‍රීය අර්ථයක් නූතන ගීතය තුළින් විද්‍යාමාන නොවීමයි.එබැවින් නූතන ගීත කලාව තුළ සිදුවන්නේ ගීත නිර්මාණය කිරීමක් නොව නිෂ්පාදනය කිරීමකි.නිර්මාණයක් තුළ ඇත්තේ යමෙකුට රස වින්දනය ලබා දීම අරමුණු කරගත් හැගීමකි.නමුත් නිෂ්පාදනයක් තුළ ඇත්තේ වාණිජමය අරමුණු සමුදායකි.එබැවින් මෑතකාලීන කලාකරුවන් කියාගන්නා පිරිස හඹායන්නේ සංගීතය නමැති කලාව පිටුපස නොව මුදල් හා ප්‍රසිද්ධිය පිටුපස යයි කිවහොත් නිවැරදිය. 

පැරණි ගීත තුළින් විවරණය වන ආදරය,විරහව,දුක,සෙනෙහස, ආදී හැගීම් වලින් රසික හදවත් සියුම්ව ස්පර්ශ කළහ. එසේම එම ගීත වල වචනාර්ථය පමණක් නොව යටි පෙළ ගැඹුරු අර්ථයක් ගැබ්ව තිබුණි.එබැවින් ශ්‍රාවකයා මෙම ගීත අදටත් වැළඳගෙන තිබෙන්නේ ඒවායේ පවතින හරවත් හා ගුණවත් බව නිසා ය.නමුත් නව ගීත රැල්ල තුළ ඇත්තේ එහෙන් මෙහෙන් අහුලාගත් වචන කිහිපයක් සංගීත තාලයකට ගොනුකිරිමකි.අද බිහි වී තිබෙන ජනප්‍රිය රැල්ලේ සංගීතය පමණක් නොව කණ්ඩායම් සංගීතය තුළ පවා අර්ථ රහිත අලුත් ආරයේ මල් සින්දු සංස්කෘතියක් බිහි වී තිබේ.ඒවාට බොහෝ විට වස්තු විෂය වන්නේ ප්‍රේමය සහ විරහව යි.මෙම ගීත අද වන විට ආදරය අයද  සිටීමේ රැල්ලක් බවට පත් ඇත.අරුත් සුන් වූ වචන සමුදායකින් ගොඩනගන ලද මෙම ගීත ජනප්‍රිය වීම තීරණය වන්නේ ඒවායේ ගීත වීඩියෝවෙ ස්වභාවය මතය. ඇතැම්විට ගීතය සහ වීඩියෝව අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැත.ගීත වීඩියෝව තුලින් ලිංගිකත්වය උලුප්පා දක්වන දර්ශන ඇතුළත් වේ නම් ගීතය ඉක්මනින් ජනප්‍රිය වීම සිදුවෙයි.මෙවැනි ගීත ප්‍රධාන මාධ්‍යය තුළින් විකාශනය නොවුණද youtube,facebook වැනි සමාජ ජාල ඔස්සේ බොහෝ ලෙස ජනප්‍රිය වේ.මෙයින් පෙනී යන්නේ වත්මන් ගීත කලාව  පමණක් නොව සමාජය ද පිරිහීමට ලක්ව ඇති බවයි.

එසේම ඇතැම් විට හොඳ නිර්මාණයන් බිහි වුවත් සමාජය තුළ ඒවාට පිළි ගැනීමක් නො ලැබේ.මන්ද සමාජයේ මනස නිර්මාණය වී පවතින්නේ කන පිනවන ගීත අසනවා විනා හදවත සනසන ගීත ඇසීම නොවේ. එබැවින් වර්තමාන ගීත රචකයන් පවා එවැනි ශාස්ත්‍රීය තලයේ ගීත නිර්මාණය කරනවා විනා සමාජයේ ඉල්ලන ජනප්‍රිය තලයේ ගීත ලබාදීමට යොමුවේ.එමෙන් ම නූතන ගීත විචාරකයින් ලඟ පවා මූලධර්මයක් නොමැත. ඔවුන් තම මනසට හැඟෙන ආකාරයට ගීත විචාරය කරනවා විනා මූල ධර්මය පදනමකින් ගීත විචාරණය කිරීමක් සිදු නො කරයි.

එබැවින් නූතන ගීත කලාවේ පරිහානිය කෙරෙහි වගකිව යුත්තේ ගීත රචකයින් හෝ ගායකයින් පමණක් නොව සමස්ත සමාජය ම ය.ශ්‍රාවකයා ගේ සිත පිනවන සුලු ගීත නිර්මාණය කිරීමට නිර්මාණකරුවන් යොමු විය යුතු සේම එවැනි නිර්මාණ වැළඳ ගැනීමට ප්‍රේක්ෂකයා වග බලා ගත යුතුය.

Tuesday, October 20, 2020

 නූතන ටෙලි නාට්‍ය කරණය සහ ලාංකික සමාජය


ජනතාවගේ පොදු ජන ජිවිතට ලං වුණු කලා මාධ්‍යයක් ලෙස ටෙලි නාට්‍යය හැඳින් විය හැක.ඊට හේතුව වන්නේ මෙරට ළමා පරපුරේ සිට වැඩිහිටි පරපුර දක්වා සිය දෛනික කාලයෙන් වැඩි කොටසක් ටෙලි නාට්‍ය සඳහා වෙන් කරන බැවිනි.එබැවින් ටෙලි නාට්‍යය තුළින් සමාජයට සිදු කළ හැකි බලපෑම අති මහත් ය.නමුත් මෙම බලපෑම කොතෙක්ද යන්න සහ කොයි ආකාරයෙන්ද යන්න තවමත් විධිමත් සමීක්ෂණයක් සිදු වී නොමැත.ටෙලි නාට්‍ය තුළින් ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වන්නේ වින්දනය පමණක් නොව ජීවිතයට ගත හැකි අත්දැකීම් ආදර්ශයන්ද එ තුළින් බලාපොරොත්තු වේ.නමුත් නූතන ටෙලිනාට්‍ය තුලින් වින්දනය හැර අනෙක් ගුණාංග හිමි වන්නේද යන්න යන්න ගැටළුවක් පවතී.එයට හේතුව වන්නේ නූතන ටෙලි නාට්‍ය කලාව තුළ ප්‍රමිතියක්,නියාමනයක් සහ විචාරයක් නොමැති වීම ය.රූපවාහිනි නාලිකා අතර පවතින තරඟකාරිත්වය හේතුකොටගෙන ජනප්‍රිය රැල්ලේ නිර්මාණ බිහි වනවා විනා හරවත් නිර්මාණ බිහිවිම දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි.එ බැවින් ටෙලි නාට්‍ය තුළින්  හිමිවිය යුතු ගුණාංග ප්‍රේක්ෂකයා වෙත ළඟා නො වෙයි. චීනය,කොරියාව,ජපානය වැනි රටවල් ටෙලි නාට්‍ය මගින් එම රටවල ජනතාවගේ රසඥතාව ඉහළ මට්ටමක තැබීමටත් පුද්ගල ජීවිතයේ පරිඥානය පුළුල් කිරීමටත් දායක වන බව එම ටෙලි නාට්‍ය දෙස බැලීමේ දී පැහැදිලි වේ. නමුත් මෙම ප්‍රමිතිය මෙරට ටෙලි නාට්‍ය තුළින් මගහැරී පවතින්නේ මෙරට රූපවාහිනී නාලිකා සම්භාව්‍ය ටෙලිනාට්‍යවලට වඩා වාණිජමය මට්ටමේ ටෙලි නාට්‍ය කෙරෙහි වැඩි ඉඩකඩක් ලබා දෙන බැවිනි.

වර්තමානයේ අප අත්දකින ටෙලි නාට්‍ය බොහොමයකට වස්තු විෂය වී ඇත්තේ යෞවන යෞවනියන්ගේ බොළඳ ප්‍රේමයයි.දැන් එය ද ප්‍රේම රැල්ලක් වී හමාර ය.එම නාට්‍යවල දෙබස් බොළඳ ය. නාට්‍යවල රඟපෑමට දැකිය නොහැකිය. සිදුවන්නේ දෙපැත්ත කැපෙන දෙබස් කිහිපයක් කීයා තිරයෙන් බැහැරට යාම පමණි. එක්තරා නාලිකාවක විකාශනය වූ පාසල් ප්‍රේමයක් පදනම් කරගත් නාටකයක් ජනප්‍රියවීමත් සමඟ අනෙක් නාලිකා ද  එක පොකුරට පාසල් ප්‍රේමය මූලික කරගනිමින් නාට්‍යය නිර්මාණය කිරීම ආරම්භ කෙරිණි.මෙවැනි නාට්‍ය තුළින් සමාජයට ගතහැකි ප්‍රයෝජනයක් නොමැත ඉන් සිදු වූ එකම දේ වන්නේ පාසල් වයසේ දරුවන් පාසල් ප්‍රේමයන් ඇති කරගැනීමට යොමු වීම පමණි.එවැනි වාණිජ මේ නාට්‍යවල යම් හෙයකින් චරිතයක් ජනප්‍රිය වුවහොත් සමස්ත නාට්‍ය පුරාවට ම ඔහුගෙන් ගොඩ යෑමට උත්සාහ දරයි.එවැනි අවස්ථාවලදී කතාවේ රචකයට  පවා කතාව අවසානයේ සිදුවන්නේ කුමක්ද යන්න හරිහැටි තීරණය කළ නොහැක. 

එමෙන්ම මෙරට ටෙලි නාට්‍ය කරන තුළ වසර කිහිපයක සිට ඉන්දියානු මෙගා ටෙලිනාට්‍ය හා ඉන්දියානු ටෙලි නාට්‍ය අනුකරණවාදී රැල්ලක් නිර්මාණය විය.මෙම  ටෙලිනාට්‍යවලට පිටපතක් නොමැත අධ්‍යක්ෂවරයාට හැඟෙන පරිදි කතාව ඔහේ ගලා යාමට සලස්වයි.නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයා තුළ ද නාට්‍ය පිළිබඳ අදහසක් නොමැත.ඔවුන් මෙම නාට්‍ය නිර්මාණ නරඹන්නෙ එහි සිටින හුරුබුහුටි ළමා චරිතයන් වලට වහවැටී නැතිනම් එහි ඇති බොළඳ ප්‍රේම ජවනිකා නිසාය.ඉන්දියානු මෙගා නාට්‍ය තුළින් ප්‍රේක්ෂකයා වෙත ලබාගත හැකි ආදර්ශයක් නොමැත.ඒවා තුළින් විද්‍යාමාන වන්නේ වෛරය,පලි ගැනීම්,වංචාවන් ,මිනීමැරුම් හා දික්කසාද ආදිය යි. ඇතැම් නාට්‍යවල සංවාද පවා ඉතා අප්‍රසන්න ය.ඇතැම් නාට්‍යවල දර්ශන දකින විට පුටුවෙන් නැගිට යාමට පවා සිතේන තරම් ය.එබැවින් පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි නාට්‍ය ඇති අතලොස්සකි.මේවා තුළින් ඇතිවන්නේ සමාජ විකෘති භාවයන් පමණි.වර්තමාය වන විට ශ්‍රී ලංකාවේ වැඩි ප්‍රේක්ෂක ජනතාවකගේ හද බැදගත් ටෙලිනාට්‍ය බවට මෙ ඉන්දියානු ටෙලිනාට්‍ය පත්ව හමාරය. මෙහි ප්‍රතිඵලය වන්නේ වර්තමාන ලංකාවේ තරුණ තරුණියන් විළි වසා ගන්නේ ද  ඉන්දියානු ක්‍රමයට ය.හොඳම කරුණ නම් අලුත උපදින දරුවන්ට පවා නම් තබන්නේ ඉන්දියානු ක්‍රමයට ය.එබැවින් ඉන්දියානු ටෙලි නාට්‍ය මෙරට සංස්කෘතියට පවා බලපෑම් කිරීමට සමත්ව තිබේ.

ඉන්දියානු ටෙලිනාට්‍ය මෙරටට ගෙන්වා ප්‍රදර්ශනය කරනු පමණක් නොව පෞද්ගලික නාලිකා ඉන්දියානු ටෙලිනාට්‍ය අමු අමුවේ අනුකරණය කරමින් දේශීය නළු නිළියන් යොදා ගනිමින් මෙගා ටෙලි නාට්‍ය රැල්ලක් ජනතාවට ප්‍රදර්ශන කරයි.මෙම නාට්‍ය නාට්‍යය සමාජයෙන් ප්‍රතික්ෂේප වීම වලක්වා ලීම සඳහා පෞද්ගලික නාලිකා ජනතාවට මුදල් ලබාදීමේ වැඩ සටහන්  නිර්මාණය කරයි.ඒ තුළින් සමාජය මෙවැනි නාට්‍ය නැරඹීමට පෙලඹවීමක් ඇති කරයි.

මේ ආකාරයට ප්‍රමිතියකින් තොර ටෙලිනාට්‍ය නිර්මාණය වීමට හේතු වන්නේ මෙරට නාලිකා තුළ නිසි නියාමනයක් නොමැතිවීම ය.මේ පිළිබඳ ව  මෙරට සංස්කෘතික භාර හෝ ජනමාධ්‍ය භාරව සිටින කිසිවෙකුට වගකීමක් නොමැත.ඔවුන් ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා කටයුතු කරනවා විනා සමාජයට උසස් රසවින්දනය යුක්ත නිර්මාණ බිහිකිරීමටත් සමාජයේ විකෘති වන ආකාරය ටෙලි නාට්‍යය බැහැර කරලීමටත්  කටයුතු නොකරයි.එමෙන් ම මෙරට කලාකරුවන්ගේ සංවිධානය පැවතිය ද ඒවා ක්‍රියාත්මක වන්නේ කලාව වෙනුවෙන් නොව විවිධ  දේශපාලන අරමුණු වෙනුවෙන් ය.එබැවින් සමාජයට සිදු වී ඇත්තේ හොඳ නිර්මාණ කවරේදැයි තමා ම සිතා බලා තෝරා බේරා ගැනීම හෝ උසස් නිර්මාණ නිර්මාණය වන තුරු බලා සිටීම පමණි.

Thursday, October 15, 2020

 ස්නේහයේ නගරයයි 



ස්නේහයේ නගරයයි සිත මගේ 
මාවතක් හෝ නොවූ රාගයේ 
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් 
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ 

යෞවනේ නිල් නුවන් සේ රැඳී 
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වා සිත් සඳුන් දුම් දවා 
රන් සිනා පාමි පූජාසනේ......

මේ නවාතැන් ගෙවා ආත්මයේ 
යනතුරා මිලින වී මතු දිනේ 
සෙනෙහසේ සිහිලඹින් දෙවන සේ යදියි මා 
පූජනීය වූ උතුම් ආදරේ........

ගායනය -: අමර සිරි පීරිස්
                    මැණික් ගුණසේකර 
පද රචනය -: හේමසිරි ගුණතුංග
සංගීතය -: රෝහණ වීරසිංහ 

ප්‍රේමය ගැන ලියැවුණු ගීත ඕනෑ තරම් අප අසා ඇත .නමුත් ප්‍රේමයේ පිවිතුරු බව පිළිබඳ ලියැවුණු ගීත අල්පය.එබැවින් "ස්නේහයෙ නගරයි" ගීතයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.හේමසිරි ගුණසිංහ මහතා අතින් ලියැවෙන මෙම ගීතය සහෘදයාගේ දෙසවන තුළ රැව් පිළිරැව් දෙන්නේ රෝහණ වීරසිංහ මහතාගේ සංගීතය හා අමරසිරි පීරිස් මහතාගේ හා මැණික් ජයසේකර මහත්මිය ගේ ගාගායනයෙන් පෝෂණය වූ නිසාවෙනි.

ගීතයට වස්තු විෂය වන්නේ හේමසිරි ගුණසිංහ මහතා ලද සත්‍ය අත්දැකීමකි.ගුනසිංහයන් ට බස් රථයක් තුළ දී හමුවන එකිනෙකාට නොදන්නා ගැහැණු ළමයෙකු හා පිරිමි ළමයෙකු බස් ගමන අවසානයේදී පෙම්වතුන් වී බසෙන් බැස එන ආකාරය දැක ආදරය මෙතරම් ලාභ ද යන ප්‍රශ්නය වේ.එකී අත්දැකීම පාදක කොට ගනිමින් මෙම ගීතය රචනා වෙයි.

රචකයා ගීතය ගීතය ආරම්භයේ දීම පෙම්වතාගේ ප්‍රේමයේ ඇති පවිත්‍රත්වය විදහා දක්වයි.පෙම්වතා පවසන ආකාරයට ඔහුගේ සිත ස්නේහයේ පිරුණු නගරයකි.ඔහුගේ ස්නේහය එතරම් විශාල ය .එහි රාගය නැමැති මාවතක් නොමැත.මුළු නගරය ම පිරී ඇත්තේ  ආදරයෙන් හා ස්නේහයෙන් පමණි.

ස්නේහයේ නගරයයි සිත මගේ 
මාවතක් හෝ නොවූ රාගයේ 

පෙම්වතිය මේ ප්‍රේමවන්තයාගේ ස්නේහය දකින්නේ මෙත් පුරයක් ලෙසිනි.එනම් කරුණාවෙන්,මෛත්‍රියෙන් පිරුණු පුරයක් ලෙස  ට ය.ඇ ඒ මෙත් පුරේ හා යෑමට දැඩි කැමැත්තක් දක්වයි.ප්‍රේමවන්තයාගේ ස්නේහේ නැමැති මෙත් පුරය වන්දනා කිරීමට ඇය ඇත්තේ දැඩි කැමැත්තකි.

වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් 
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ 

රචකයා ගීතය පුරාවට ම උපමා රූපක යොදා ගනිමින් ගීතයේ අපූර්වත්වය ශ්‍රාවකයා ඉදිරියේ ජීවමාන කරවයි.රචකයා ආදරය සල් වනයකට  උපමා කරන්නේ එබැවිනි.ඒ ආදරය නමැති සල් වනයේ පිපුණු රන් මලක් ලෙස තම ප්‍රේමවන්තිය දකී.නූතන ගීතය තුළ ඇති උපමාවන් ට වඩා සෞම්‍ය ගුණයෙන් යුක්තව ප්‍රේම වන්තයා තම පෙම්වතිය දෙස බලයි.ඒ ශ්‍රාවකයා තුළ පහන් හැඟීමක් ඇති කරවන්නකි.ඇය ආදරය තුළ නෙත් පහන් දල්වමින් සිත් සඳුන් දුම් වලින් ඔහුගේ සිත නමැති පූජාසනය සුවඳ ගන්වන්නට හා ආලෝකමත් කරන්නට  පෙරුම් පුරයි.ඒ දෙදෙනා එකිනෙකාගේ ප්‍රේමය කෙරෙහි දක්වන ආකල්පය යි.

යෞවනේ නිල් නුවන් සේ රැඳී 
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වා සිත් සඳුන් දුම් දවා 
රන් සිනා පාමි පූජාසනේ......

ගීතය අවසානය ට පෙම්වතුන් දෙදෙනා පිවිතුරු ප්‍රාර්ථනාවක් සිත දරාගෙන තම ආදරය ඉදිරියට ගෙන යන බව පෙනී යයි.ජිවිතයේ එක් එක් නවාතැන් පසුකරමින් යන මේ ජිවිතය ගමනේ අවසානය වන තුරු ම ඇය ව සෙනෙහසින් රැක බලා ගන්නටත් ඇයට ආදරේ කරන්න ටත් ඇය හා ජීවිතේ ගෙවන්නටත් ඔහු පොරොන්දු වෙයි.
ඔහුගේ පූජනීය පිවිතුරු ආදරයේ සෙනෙහස නැමැති සිසිල් දියෙන් නා වන ලෙස ඇය ඔහුගෙන් අයද සිටි. 

මේ නවාතැන් ගෙවා ආත්මයේ 
යනතුරා මිලින වී මතු දිනේ 
සෙනෙහසේ සිහිලඹින් දෙවන සේ යදියි මා 
පූජනීය වූ උතුම් ආදරේ........

ගීතයේ පදමාලාව  ඉතා අලංකාර ය.උපමා රූපක යොදා ගනිමින් ගීතයට ආත්මීය  අර්ථයක් ලබා දීමට රචකයා සමත් වේ.ඊට නොදෙවෙනි ලෙස අමරසිරි පීරිස් සහ මැණික් ගුණසේකර  තම හඬ මුසු කරමින් ශ්‍රාවකයාව ගීතය තුළ ජීවමාන කර වීමට සමත් වේ.

Monday, October 12, 2020

 Mr and Mrs Iyer



2002 වර්ෂයේදී අපර්ණා සෙන් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද Mr and Mrs Iyer චිත්‍රපටිය ඉන්දියානු සිනමාව තුළ ඉතාම ජනප්‍රිය වු චිත්‍රපටයකි.අපර්ණා සෙන්ගේ දියණිය වන කොන්කෝනා සෙන් ෂර්මා විසින් මෙහි ප්‍රධාන චරිතය වන මීනක්ෂි අයියර් ගේ චරිතයට පණ පොවන අතර රාහුල් බොස් විසින් රාජා චෞද්රි ගේ චරිතයට පණ පොවනු ලබයි.මුස්ලිම් විරෝධී වාර්ගික ප්‍රචණ්ඩත්වයේ පසුබිමට එරෙහිව සකස් කරන ලද සමකාලීන ආදර කතාවක් ලෙස මේ හැඳින් විය හැක.ඉන්දියානු වාර්ගික අර්බුදයට මැදි වුණු සංස්කෘතීන් දෙකක් වටා මෙම චිත්‍රපටය  නිර්මාණය ගොනු වී තිබේ .එනම් හින්දු භක්තිකයකු වන දමිළ බ්‍රහග්මන මීනක්ෂි අයියර් හා මුස්ලිම් වනජීවී ජායාරූප ශිල්පියෙකු වන රාජා චෞද්රි වටාය.මෙම චිත්‍රපටය මගින් ඉන්දියානු සමාජය තුළ පවතින ජනවාර්ගික ගැටුමේ ස්වභාවය හා ඉන් සමාජයට සිදුවන හානිය විවරණය කරනු ලබයි.ඊට අමතරව ආදරය,සෙනෙහස,ආත්මාර්ථකාමීත්වය හා පාවා දීම වැනි මනුෂ්‍ය ගති ලක්ෂණයන් මේ චිත්‍රපටය තුළින් මැනවින් විග්‍රහ කරයි.චිත්‍රපටයට දායක වන චරිත භාෂාමය  වශයෙන් විවිධාකාර වන බැවින් මෙහි ආඛ්‍යාන භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂා භාවිතා කරයි.

කල්කටාවේ සිට සිය පුතු සමඟ දෙමව්පියන් බැලීමට පැමිණි මීනක්ෂි නැවත කල්කටාව බලා යන අතර වාදයේ ඇතිවන සිද්ධි දාමය චිත්‍රපටිය පුරාවට නිරූපණය කරයි.චිත්‍රපටය ආරම්භ වන්නේ ඉන්දියාවේ කඳුකර ප්‍රදේශයක පිහිටි කුඩා බස නැවතුම්පොළකිනි.චිත්‍ර පටයේ ඇති  සුවිශේෂත්වය වන්නේ සීමිත පසුතල ප්‍රමාණයක නිර්මාණය වීමයි.ඉන් වැඩි කොටසක් රූප ගත වන්නේ බස් රථයක් හා දුම්රියක් තුළ ය.චිත්‍රපටයේ තීරණාත්මක අවස්ථාවන් රැසක් සිදුවන්නේද මෙම බස් රථය හා දුම්රිය කේන්ද්‍ර කර ගනිමිනි.කල්කටාව ගමනාන්තය කරගත් මෙම බස් රථය තුළට ගොඩ වන පුද්ගලයින් ඉන්දියානු සංස්කෘතිය විවිධ පැතිකඩයන් නිරූපණය කරයි.එනම් මුස්ලිම්,හින්දු,සික් ජාතිකයින් වේ.චිත්‍රපටිය ඉදිරියට ගොඩනැඟෙන්නේ මෙම පුද්ගලයින්ගේ විවිධ හැසිරීම් පදනම් කරගනිමිනි.

කඳුකරයේන් පිටතට යන අන්තරායික ගමනේදී මීනක්ෂි සිය දරුවා බලා ගැනීමට රාජාගෙන් උපකාර පතයි.රාජා සාම්ප්‍රදායික මුස්ලිම් තරුණයෙකුට වඩා ස්වරූපයෙන් වෙනස් වීම ම සාම්ප්‍රදායික හින්දු කාන්තාවක් වන මීනක්ෂි ඔහුගෙන් උපකාර පැතීම පැතීමට යොමු වීමට හේතු වේ.ඔවුන් දෙදෙනාගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව ඇති වන්නේද මෙතැන් සිටය.නමුත් රාජා විසින් තම මුස්ලිම් අනන්‍යතාවයට ඇයට හෙළි නොකරයි.තම පුතු බලා ගැනීමට උපකාර කරන රාජා පිළිබදවත් පැහැදුනු සිතක් මීනක්ෂි තුළ ඇති වේ.එබැවින් ඔවුන්ගේ ආරම්භක සම්බන්ධය ඉතාමත් සිසිල් ස්වභාවයකින් යුක්තය.

චිත්‍රපටයේ ගමන්මග වෙනත් දිශාවකට යොමු වන්නේ වාර්ගික ප්‍රචණ්ඩත්වයෙන් පුපුරා ගිය නගරයක බස් රථය නතරවීමත් සමග ය.මේ අවස්ථාවේදී රාජා තම මුස්ලිම් අනන්‍යතාවය මීනක්ෂිට හෙළි කරයි.ඇය මින් කම්පනයට පත් වේ.ඇගේ කම්පනය තුළින් රාජා කෙරෙහි ඈ තුළ පැවති හැගීම් ප්‍රේක්ෂකයා වෙත මනාව විද්‍යාමාන වෙයි.බස් රථයට ගොඩ වන හින්දු අන්තවාදීන්ගේ මුස්ලිම්වරුන් සොයා යයි.එහි දී පුරුෂයින්ගේ චර්මඡේදනය වී ඇද්දැයි පවා පරික්ෂා කරයි.මෙහි දී මීනක්ෂි රාජා වෙනුවෙන් පෙනී සිටි.ඇය තම අතේ හුන් දරුවා රාජා ගේ ඇකයේ හිඳුවා ඇය අයියර් මහත්මිය බවත් රාජා තම ස්වාමිපුරුෂයා බව ප්‍රකාශ කරයි.මේ මොවුන්ගේ හමුවේ උච්චතම අවස්ථාවයි.

මෙම සිදුවීමෙන් පසු ව බස් රථයේ රැය පහන් කරන මොවුන් විකල්ප ප්‍රවාහන පහසුකම් සෙවීමට නගරයට යයි.මුස්ලිම් නිවාස විනාශ වී ඇති අතර ප්‍රදේශයේ පොලීසිය ජාතිවාදී කොල්ලය දෙස ඇස් පියා ගෙන සිටිති.රාජා සහ මීනක්ෂි ස්වාමිපුරුෂයා හා භාර්යාව ලෙස තම අනන්‍යතාවය පවත්වාගෙන දින කිහිපයක් නගරයෙන් පිට පාළු අමුත්තන්ගේ නිවසක රැකවරණය ලබයි.මෙම නිවසේ ගත කරන කාලය තුළ ඇති වන සිද්ධි දාමයන් හා දෙබස් තුළින් ඔවුන්ගේ සංස්කෘති දෙක අතර පවතින පරතරය විද්‍යාමාන වේ.ඔවුන් ආහාර පාන ලබා ගැනීමේදී පවා ගැටලු මතුවේ.නමුත් පසුව ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් අවබෝධ කොටගනි.එතැන් සිට ඔවුන් සංස්කෘතීන් දෙක අතර පවතින පරතරයන් බිඳ දමමින් හුදු මනුෂ්‍යයන් ලෙස කටයුතු කරයි.

අවසානයේදී ඔවුන් ප්‍රදේශයේ දුම්රිය ප්‍රවාහනය ඔස්සේ තම ගමනාන්තය දක්වා ගමන් කරයි.දුම්රිය තුළ දී ඔවුන්ගේ ප්‍රේමාන්විත හැඟීම් තව දුරටත් උද්දීපනය වේ.නමුත් එය සීමා මායිම් වලින් එපිට තබා ගැනීමට දෙදෙනාම උත්සුක වේ.කල්කටාවට දුම්රිය ළඟාවීමේ දී අයියා මහතා මීනක්ෂි සහ තම පුතු සන්තානම් පිළිගැනීමට පැමිණේ.එහිදී මීනක්ෂි, තමාට උපකාර කළ මුස්ලිම් ජාතික තරුණයාව තම ස්වාමි පුරුෂයාට හඳුන්වා දෙයි.මෙ තැන් සිට මීනක්ෂි සහ රාජ අතර ප්‍රේමාන්විත වෙන් වීමක් සිදු වේ.මන්ද මීනක්ෂි ගේ සැබෑ අයිතිකරුවා ඔහු ඉදිරියේ සිටගෙන සිටි.මොවුන් දෙදෙනා අතරට තමා ගේ පැමිණීම වරදක් වන බව සිත යි.එබැවින් මොහු ඔවුන්ගේ ගමනේ ඡායාරූප අඩංගු කැමරා රෝලය මීනක්ෂි වෙත භාර දෙයි.එඑතැන් සිට ඔවුන් දෙදෙනාගේ චිත්තවේගීව සමුගනි.


සාම්ප්‍ම්ප්‍රදායික ප්‍රේම වෘතාන්තයකට වඩා වෙනස්ම වූ ආකාරයකින් යුක්ත ප්‍රේමයක් මෙම චිත්‍රපටය තුළින් විදහා දක්වයි.එකි ප්‍රේමයේ ඇති සොදුරු බව,අපූර්වත්වය විදහා ගැනීමට නම් මෙම චිත්‍රපටය නැරඹිය යුතු ම ය.

Tuesday, September 29, 2020

මේ නගරය මා ඔබ ...

මේ නගරය මා ඔබ.......



  මේ නගරය මා ඔබ මුණගැසුණු නගරයි 
  මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයි //

 වැව් ඉවුරේ දිය රළ පෙරසේම බිදෙනවා
  නුග ගස් පෙළ අප නැතිවත් තව දළුලනවා
  සරසවි බිම කදුරැල්ලෙන් එතෙර පෙනෙනවා
  ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

 මේ නගරය මා....... 

 ඔබ අතගෙන ගිය විදී ඈ හා යනවා
 සිගිති පුතා අතගිල්ලක එල්ලි එනවා
 ඒ කාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා
 ජිවිතයම සිහිනයකැයි කිය සිතෙනවා

 නගරය මා ........ 

 ගායනය -: මර්වින් පෙරේරා
 සංගිතය -: මර්වින් පෙරේරා
 ගී පද රචනය -: ප්‍රේමකිර්තිද අල්විස්

 සරසවි ප්‍රේමය පාදක කොටගනිමින් ලියැවුණු ගීත අතර ඉතාමත් ජනප්‍රිය වු මේම ගිතයට හිමිවන්නේ සුවිශේෂී ස්තනයකි. 70-80 දශකය තුළ සරසවි ප්‍රේමය වස්තුවිෂය කරගනිමින් නොයෙකුත් ගීත නිර්මනය වුවද ප්‍රේමකිර්ති අල්විස් මහතා අතින් ලියැවුණු "මේ නගරය මා ඔබ......" ගීතය සුවිශේෂිත්වයක් හිමිකරගන්නේ එහි පවතින කාලීන ස්වාභාවය නිසාවෙනි.සරල බස් වහරක් උපයොගී කරගනිමින් ප්‍රේමයෙන් පරාජිත විමේ හැගිම සහුර්දයා තුළ ඇතිකරලීමට හැකිවීම ගීතයේ සර්තකත්වය විදහා දක්වන්නකි.ප්‍රේමයක් ලද හෝ නොලද ශ්‍රාවකයාගේ හද තුළ විරහව පිළිබද රිදුමක් ඇතිකරලිමට  මේම ගිතය තුළින් හැකිවන්නේ ප්‍රේමකිර්ති අල්විස් මහතාගේ පැදිපෙලෙහි ඇති ජිවමාන ස්වරූපය සහා මර්වින් පෙරේරාගෙ හඩ  නිසාවෙනි.එමගින් ශ්‍රාවකයාව ගීත තුල කෙටි කාලයක් ජිවමන කරවයි.මෙහි දි පේරාදේණි සරසවිය තුළ ගොඩනැගුණු ප්‍රේමිය මතකයන් රචකයා විග්‍රහා කරන්යේ මහා නුවර නගරය මැදිකොට ගනිමිනි.ඔවුන්ගෙ ප්‍රේමය ගොඩනැගෙන්නේ මේ නගරය තුලය ප්‍රේමය අවසන් වන්නේ ද මේ නගරය තුලය.නගර සිමවෙන් එතෙරට තම ප්‍රේමය ගෙනයාමට ඔහුට අවස්තාව හිමිනොවේ.එය කවරහෝ සිදුවීමකින් අවසන් වී ඇත.   

මේ නගරය මා ඔබ මුණගැසුණු නගරයි 
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයි //

මෙහි ඇත්තේ අතිත අවර්ජනයකී.ගීතයට අනුව නගරය කිසිදු වෙනසක් වි නොමැත වේනස් වී ඇත්තේ ඔවුන්ගේ ජිවිත පමණි.තමා ප්‍රේමය විදී කලය තුළ පැවති ඒ සුන්දර පරිසරය ඒ අකාරයේන්ම අදටත් පවති.නමුත් ඔවුන් ජිවිත වලින් බොහෝ දුර ගොස් හමරය.ඒ පිළිබදව රචකයට ඇත්තෙ කනස්සල්ලකි.තමන්ගේ අතිත ප්‍රේමය විදී තැන් දැකිමෙන් ඔහුගේ සිත ඒ ඔස්සේ ගමන් කරයකි.ඔහුගේ අපේක්ෂාව වන්නේ නැවතත් ඒ කාලය උදාවනු දැකිමයි.

   වැව් ඉවුරේ දිය රළ පෙරසේම බිදෙනවා
  නුග ගස් පෙළ අප නැතිවත් තව දළුලනවා
  සරසවි බිම කදුරැල්ලෙන් එතෙර පෙනෙනවා
  ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

මහනුවර නගරය ඔහුට නුපුරුදු තැනක් නොවිය.තම අතිත ප්‍රේමවන්තිය සමග අත් පටලාගෙන ගිය විදී සිසාරා ඔහුගේ සිතුවිලි ඒ මේ අත සැරිසරයි.ඔවුන් ප්‍රේම වදන් තෙපලමින් ප්‍රේමය විදි අකාරය ඔහුගේ සිත තුළ ච්ත්ත්‍රනය වේ. නමුත් ඒ සියල්ලම දැන් අතිතයට එක්වී හමාරය.සරසවී ප්‍රේමයේන් ලද අදරය දැන් ඔහු ලබන්නේ සිය බිරිදගේනී.නමුත් ඔහු තවමත් ප්‍රේම කරනුයේ අතිතයටය.ඒ අතිත මතකයන් ඔහුගේ සිතට සැනසුමක් ගෙනදෙයි.කෙසෙ වුවද ඔහුට තවදුරටත් අතිතය හා ජිවත්විය නොහැක.එ ඔහුගෙ වත්මන් දිවියේ ජිවමන සාක්ෂිය සිය අතැගිල්ලේ එල්ලි එන නිසාවේනී.එ ඔහුගෙ පුතය.තම අතිත ප්‍රේමය විදී කලයේ ඈ සමග මෙසේ ගමන් කරන්නට සිහින දකින්නට ඇත.නමුත් එය සිහිනයක්ම වී හමරය.ඇය ඔහුගෙන් වෙන්වි බොහො කලක් ගතවුවත් ඔහුගෙ මතකයන් තුල ඇය තවමත් ජිවත්වේ.

ඔබ අතගෙන ගිය විදී ඈ හා යනවා
 සිගිති පුතා අතගිල්ලක එල්ලි එනවා
 ඒ කාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා
 ජිවිතයම සිහිනයකැයි කිය සිතෙනවා

ජිවිතයේ යතාර්ථය තිරණය වන්නෙ හමුවිම් හා වෙන්විම් මතය.අප හමුවුවා සේම කවර හෝ මොහෝතක වෙන්ව යාමට සිදුවේ.එ පරම සත්‍යය මර්වින් පෙරේරාගේ ගීතය තුළින් විවරණය කරයි.

රූපවාහිනීය සහ ළමා මනස   සමාජය තුළ  භාවිතා වන අශනකුත් ජනමාධ්‍යන්ට සාපේක්ෂව රූපවාහිනී මාධ්‍යයට හිමි වන්ශන්  සුවිශේෂී  ස්ථානයකි. ඊට හේතුව වන්නේ...