Saturday, July 24, 2021


රූපවාහිනීය සහ ළමා මනස 





සමාජය තුළ  භාවිතා වන අශනකුත් ජනමාධ්‍යන්ට සාපේක්ෂව රූපවාහිනී මාධ්‍යයට හිමි වන්ශන්  සුවිශේෂී  ස්ථානයකි. ඊට හේතුව වන්නේ  ගෘහස්ථ මාධ්‍යයක් ලෙස පේක්ෂකයා වෙත දැඩි ඝනත්වයකින් යුතු ව බලපෑම් කිරීමේ හැකියාවක් රූපවාහිනිය සතු වීමයි. ශ්‍රවය  දෘෂ්‍ය  මාධ්‍යයක් ලෙස  පේක්ෂකයා  වෙත  වින්දනය ලඟාකර වීමට රූපවාහිනී මාධ්‍ය උත්සුක වේ. ඒ අනුව ඇස පිනවන මාධ්‍යයක් ලෙස  රූපවාහිනීය තුළින් විවිධාකාර  වූ  ශානරයන් ගේ වැඩසටහන් පේක්ෂකයා  වෙත  සමීප කරලීම සිදු කරයි. එනම් ප්‍රවෘත්ති , ටෙලි  නාට්‍ය, රියලිටි වැඩසටහන්, චිත්‍රපට, වේළද දැන්වීම් මේන්ම කාටූන් වැඩසටහන් ද මේ අතර වේ. මෙම  එක් එක්  ශානරයන්  තුළ භාවිතාවන කැමරා කෝණ, භාෂා රටාවන් මෙන්ම  විවිධාකාර  වූ උපක්‍රමයන් තුළින් පේක්ෂකයා  එම වැඩසටහන් කෙරෙහි  ආකර්ෂණය  කරගැනීම සිදුවේ.  

රූපවාහිනිය තුළින් විකාශනය  වන විවිධාකාර  වූ  ශානරයන්  ශේ වැඩසටහන් කෙරෙහි  පේක්ෂකයා ගේ ආකර්ෂණය දිනා ගැනීමේ දී ප්‍රධාන  ඉලක්කයක් බවට දරුවන් පත්වේ. ඒ සඳහා පාසල කේන්ද්‍ර  කොට ගනිමින් ගොඩනැගෙන ටෙලි නාට්‍ය, කාටුන්, වෙළඳ දැන්වීම්, මෙන්ම රියැලිටි වැඩ සටහන් යොදාගැනිම සිදුකරයි. කුඩා දරුවන්ගේ  මනසට කාවදින ප්‍රශස්ත ගණයේ  වැඩසටහන් ඉදිරිපත් කිරීම තුළ ළමයාගේ  මනස නිසි අයුරින් වර්ධනය  වී එය දරුවා යහපතට බලපානු ලබයි. නමුත් වර්තමාන රූපවාහිනීය මෙකී  වගකීම  ඉටු කරන්නේ ද  යන්න ප්‍රශ්නාර්ථයකි.  නූතන තරගකාරී මාධ්‍ය කරණය තුල රූපවාහිනී නාලිකා  ලාභ පරමාර්ථ අරමුණු කොට  ගනිමින් ක්‍රියාත්මක වීම සිදුවේ.  එබැවින් සමාජයට දැනුම අවබෝධය  ලබා දෙන ගුණාත්මක භාවයේන් යුතු වැඩසටහන් වෙනුවට  හුදෙක්  ම විනෝදාස්වාදය පමණක් සපයන වැඩ සටහන්  පේක්ෂකයා  වෙත  ළඟා කර දීමට  රූපවාහිනී නාලිකා උත්සුක වේ.  එබැවින් රූපවාහිනී නාලිකා මගින් විකාශනය  කරන ඇතැම් වැඩසටහන් අපගේ  සංස්කෘතික  හැදියාවන් සදාචාරයන් හා උත්තම මනුෂීය ගුණාංග විනාශ කරන  පිළිලයක් බවට ද පත්ව තිබේ. එබැවින් හුදු වාණිජවාදී,  ප්‍රචාරකවාදී අරමුණු ඔස්සේ  පමණක් විකාශනය  කරන වැඩසටහන් අරඹන පසුගාමී අවධියක සිටින ළමයින් ක්ෂණිකව  ඒවා ග්‍රහණය කර ගනී. 
 මනා  පෞරුෂ සංවර්ධනයකින් හෙබි මිනිසකු බිහි කිරීමේ දී ළමාවිය  වැදගත් අදියරක් ලෙස  සැලකිය හැකිය. එහි දී රූපවාහිනිය තුළින් දරුවන් වෙත සිදු කරනු ලබන බලපෑම සලකා බැලීම වැදගත් ය. කවර හෝ මාධ්‍යයක් තුළින් ළමයා කෙරෙහි  වන බලපෑම ප්‍රධාන  වශයෙන් ආකාර තුනක් යටතේ  හඳුනාගත හැක. එනම් හැසිරීම කෙරෙහි  වන බලපෑම, ආකල්ප කෙරෙහි  වන බලපෑම, හැඟීම් කෙරෙහි  වන බලපෑම් ලෙස  මෙවා විශ්ලේෂණය වේ.  ස්වීඩනය, ඩෙන්මාර්කය වැනි රටවල් රූපවාහිනී ප්‍රචාරණ උපක්‍රම උදෙසා ළමා රඟපෑම් සහ ළමා චරිත භාවිතා කිරීම තහනම් කොට ඇත. එසෙම මෙම  රටවල් ඇතුළු නොර්වේ, ඔස්ට්‍රේලියව, කැනඩාව වැනි රටවල් ළමයින් සඳහා වන දැන්වීම් ප්‍රචාරණය තහනම් කොට ඇත. නමුත් මෙරට  රුපවාහිනිය තුළ මෙවැනි  නිසි ආචාරධර්ම  පද්ධතියක්  හෝ නියාමනයක් හදුනාගත නොහැක. 

ස්වභාවයෙන්ම  ළමයා තුළ ප්‍රචණ්ඩත්වය ඇත. නමුත් ළමයා වැඩිවිය වන විට ප්‍රචණ්ඩත්වය ක්‍රමයෙන්  යටපත් වීම සිදු වේ. මෙලෙස  ජීව විද්‍යාත්මක  ක්‍රමශයන් යටපත් වන ප්‍රචණ්ඩත්ව හැඟීම් වලට නැවත පණ දීමක් ඇතැම් රූපවාහිනී වැඩසටහන් තුලින් සිදුවේ. එය ළමුන්ගේ ඉහළ මානසිකත්වය බිඳ වැටීමට හෙතුවේ. බොහෝ  වෙළඳ  දැන්වීම් වල කාන්තාවන් ප්‍රදර්ශන  භාණ්ඩයක් බවට පත් වී ඇති අතර ඇය පුරුෂයාට යටපත්ව  සිටිය යුතු බව දක්වයි. ඉන් කුඩා දැරියන්ගේ  මානසිකත්වයට කුඩා කල සිට ම තමා පුරුෂයාට යටත්ව ජීවත් විය යුතු  බව පෙන්නුම්  කරයි. මේ ආකාරයට රූපවාහිනී තුළින් විකා  වන බොහොමයක්  වැඩසටහන් ළමයින් තුළ විකෘති  මානසික තත්ත්වයන් ඇතිකිරිම  කෙරෙහි  ප්‍රබල ලෙස  බලපානු ලබයි. 
 
රූපවාහිනීය මගින් ළමයින්ගේ  මනසට සිදුවන අහිතකර බලපෑම පිළිබඳ විමසීමේදී  දී ළමයින්ගේ   සිතුවිලි, චර්යාවන්, ආකල්පයන් කෙරෙහි  සෘජුවම බලපෑම් ඇතිකරවන, දරුවන්ට සමීප මාධ්‍ය හැඩයක් ලෙස  රූපවාහිනී කාටුන් වැඩසටහන් හැදින්විය හැක. නූතන න්‍යෂ්ටික   පවුල් ඒකකය තුළ ඇති  දෙමාපියන්ගේ කාර්ය බහුලත්වය මත දරුවන්ගේ   සමීපතමයා බවට පත්වන්නේ  රූපවාහිනියයි. එසේම  දෙමාපියන්  තම එදිනෙදා  කටයුතු ඉටු කර ගැනිමේ පහසුව තකා දරුවන්ට කාටුන් වැඩසටහන් නැරඹීමට අවකාශය  සලසා දේ. නමුත් එම කාටූන් වැඩසටහන් දරුවන්ට නැරඹීමට සුදුසු ද, එවායේ අන්තර්ගතය කෙබඳු ද යන්න කිසිදු තැකීමක් දෙමාපියන්  තුළ නොවේ.  

තරගකාරී මාධ්‍ය කරණය තුල  රූපවාහිනී නාලිකාවන්හි පවතින  මුඛ්‍ය අරමුණ වන්නේ  පේක්ෂකයාට විනෝදාස්වාදය සැපයීම පමණි. එබැවින් කිසිදු නියාමනයකින් තොරව  දරුවන්ගේ  සිතුවිලි වලට සෘණාත්මක බලපෑමක් ඇති  කරවන සුළු දර්ශන  ඇතුළත් කාටූන් වැඩසටහන් විකාශනය  කිරීම සිදු කරයි. මන්ද වර්තමාන රූපවාහිනී නාලිකාවන්හි පවතින  ප්‍රමුඛ්‍ අරමුණ වන්නේ  ලාභ ඉපැයීම නිසාවෙනි. විශේෂයෙන්  ප්‍රචණ්ඩත්වය ඉස්මතු  කරමින්, අනිකා පීඩාවට පත්  කරමින් විනෝදාස්වදය ලබන, අනෙකා විනාශකරමින් වීරත්වය ප්‍රදර්ශනය කරන චරිතයන් කාටුන් තුළින් නිරූපණය කරයි. එ බැවින්  දරුවන්ශේ ලොකයේ වීරයන් බවට පත්වන්නෙද  මෙකී චරිතයන් ම ය. කාටුන් වල චරිත සහ ඔවුන්ගේ  ගති ලක්ෂණ තවමත් නොපීරිණු ළමා මොලය තුළ ගැඹුරින් ව තැන්පත් ශේ. දිනකට පැය තුන හතරක් කාටුන් නරඹන දරුවන් තුළින් ප්‍රචණ්ඩකාරී සහ අකීකරු හැසිරීම් ප්‍රකට කෙරෙන  බව පර්‍යේෂණවලින් හෙළි  වී තිබේ. මෙකී  බලපෑම ආකාර තුනකට සිදු වේ. 

• දරුවන් අනුන්ගේ  දුක වේදනාව නොහදුනන්නන් බවට පත් වීම. 

• තමන් අවට තිබෙන  ආයුධ්‍ හෝ පහර දීමට භාවිතා කළ හැකි දේවල්  සහ  ප්‍රචණ්ඩත්වය පිළිබඳ අසංවේදි වීම. 

• දරුවන් තුළින් කලහකාරී, ප්‍රචණ්ඩකාරී හැසිරීම් ඉස්මතු වීම. 


බොහෝ  කාටුන්වල අනුකම්පා විරහිතව සිදු කෙරෙන  පහරදීම්  සහ  මරා දැමීම් සුලභව අන්තර්ගත වන අතර එසේ කිරීම සමාජ වීරෝධි ක්‍රියාවක් සහ වින්දිතයාට හෝ මරණයට පත් වන්නට වේදනාවක්  ඇති  වන දෙයක්  බව නො හැගවෙයි.මේ තුළින්  දරුවා ප්‍රචණ්ඩකාරී සමාජ වීරෝධි ක්‍රියාවවල  නිරතවීමේ නොනිත් ආශාවකින් පෙළෙන  තත්වයකට පත් වන බව මනෝ විද්‍යාඥයින් අවධාරණය  කරති. එය සමාජයේ  ප්‍රගමනයට අති විශාල  ගැටලුකාරී තත්ත්වයක් ඇති  කිරිමට හෙතුවේ. රටක අනාගතය බාර ගැනීමට සිටින දරු පරපුර තුළ මෙවැනි  විකෘති  මානසික තත්ත්වයන් ඇති  වීම තුලින් සමාජයක් සංවර්ධ්‍නයට මෙන්ම  රටක පැවැත්මට ද එය අහිතකර ලෙස  බලපානු ලබයි.

රූපවාහිනීය සහ ළමා මනස   සමාජය තුළ  භාවිතා වන අශනකුත් ජනමාධ්‍යන්ට සාපේක්ෂව රූපවාහිනී මාධ්‍යයට හිමි වන්ශන්  සුවිශේෂී  ස්ථානයකි. ඊට හේතුව වන්නේ...